ජයසුරිය, මුත්තයියා, සුසන්තිකා, සුගත් තිලකරත්න වගේම ලුෂන් පුෂ්පරාජ් කියන නමත් දැන් ඔබට හොඳට මතකයි නේද? ආසියාවම හොල්ලමින් පහුගිය දවසක ලූෂන් පුෂ්පරාජ් ආසියානු අයෝමය පුරුෂයා තරඟාවලිය ජය ගත්තා. එදා ඉඳලා ලංකාවම ලුෂන්ට අත්පොලසන් දෙන්න එකතු වුනත් ශ්‍රී ලංකා කාය වර්ධන සම්මේලනය ලුෂන්ගේ ජය පිළිගත්තේ නැහැ. විවිධ හේතු කියමින් ඔවුන් මේ ජයග්‍රහණය අවතක්සේරු කරා. කොහොම වුණත් එදා ඒ ජයග්‍රහණය ලබා ගත්ත වෙලාවේ ඒ සතුට ලුෂන් දුරකථනය ඔස්සේ අපිට කිවුවේ බොහොම සංවේදීව.
එදා ඔහු කිවුවේ කොහොම හරි දෙසැම්බර් වල ඇමෙරිකාවේ තියෙන Mr. Atlas තරගාවලියේත් සිංහ කොඩිය ඉහලට ඔසවනවා කියලයි. හැබැයි ලුෂන්ට මේ තරගාවලියට සිංහ කොඩිය අරං යන්න තහනම් කියලයි ශ්‍රී ලංකා කාය වර්ධන සම්මේලනය කිවුවේ. තමන්ගේ වාසි මල්ල වෙනුවෙන් රටේ ක්‍රීඩාව පාවා දෙන පාලකයොන්ට රිදෙන්න උත්තරයක් දෙන්න බාධක ගොඩක් මැද ලූෂන් ඇමෙරිකාවට ගියා.
ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ මේ පාර පැවැත්වෙන Mr. Atlas තරගාවලියේ පළමු දවස ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම නිමා වුණා. එහිදී හොදම ක්‍රීඩකයන් 4 දෙනා අතරට එන්න ලුෂන්ට පුළුවන් වුණා. ඉතිං ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් www.siyatha24.lk අපි ලුෂන්ට හදවතින්ම සුභ පතනවා.
මේ තියෙන්නේ Mr. Atlas තරගයේදී ලූෂන් දස්කම් දක්වපු විදිහ.
දර්ශණ – Fitness WORLD ජිම් Katunayake