News Line| Off Air
Generic placeholder image

Dec
10

ලංකාවට ගෙනා අලුත්ම සුපිරි ලැම්බෝගිනියේ අයිති සුරූපී තරුණියකට.

1910 Views


ලංකාවට ගෙනා අලුත්ම සුපිරි ලැම්බෝගිනියේ අයිති සුරූපී තරුණියකට.

“ලැම්බෝගිනි” කියන්නේ ලංකාවේ ජනප්‍රිය මාතෘකාවක්. එ්කට හේතුව දේශපාලන වේදිකාවෙත් ලැම්බෝගිනි ගැන කතා වෙන නිසා. ලංකාවේ ලැම්බෝගිනි
ගැන කියවෙද්දි ඉහළින්ම කියවෙන නමක් තියෙනවා. එ් තමයි ඩිලන්ත මාලගමුව. අාසියාවේ ලැම්බෝගිනි ශූරයා. මේ දවස්වල අායෙත් ලංකාවට ගෙන්නපු ලැම්බෝගිනියක් ගැන කතා වෙනවා.

ෆේස්බුක් එක පුරාවට මේ අලුත් ලැම්බෝගිනිය ගැන කතා වෙනවා. ඒ නිසා මේ නවීනතම ලැම්බෝගිනියේ අලගිය මුලගිය තැන් ගැන හොයන්න අපි හිතුවා. මේ සුපිරි ලැම්බෝගිනි රථය ගෙනැල්ලා තියෙන්නේ කාන්තාවක්. ඇය ජිහාන් හමීඩ්. අැගේ සැමියා රිසාඩ් හමීඩ්. මේ දෙන්නට මෝටර් රථ ගෙන්නලා විකුණන සමාගම් දෙකක් තියෙනවාලු. ජිහාන් හමීඩ් කියන තරුණිය මේ ලැම්බෝගිනි මෝටර් රථය ගෙනැල්ලා තියෙන්නේ එ් සමාගමකින් නැවත විකුණන්න කියලයි අාරංචිය.

අැය ගෙන්නපු මේ සුපිරි රථය තමයි ලංකාවේ තියෙන හය වෙනි ලැම්බෝගිනි මෝටර් රථය. එ් වගේම ලැම්බෝගිනි සමාගම නිශ්පාදනය කරපු සුපිරිම ලැම්බෝගිනි රථය තමයි මේක. Lambogini Hurcan මාදිලියේ LP 610-4 කාණ්ඩයට මේ රථය අයිති. කොළ පාට Veredr-mampis වර්ණයේ රථයක් තමයි ලංකාවට ගෙන්නලා තියෙන්නේ. මේ සුපිරි රථයට පැයට කිලෝමීටර් 100 වේගයට ළඟා වෙන්න තත්පර 2.9 ක කාලයක් විතරයි වැය වෙන්නේ.

ලංකාවට ගෙන්නපු මේ අලුත්ම ලැම්බෝගිනි රථය කෝටි 11 ක් විතර වෙනවා. තීරු බදු විතරක් රුපියල් කෝටි 6 ක්. සෙල්ලම් නෑ නේද? CC 5000 ක එන්ජිමකින් මේ රථය බල ගැන්වෙනවා. පැයට කිලෝමීටර් 350 ක උපරිම වේගයක් මේ ලැම්බෝගිනි රථයට තියෙනවා. හැබැයි ඉතිං එේ වේගයෙන් ලංකාවේ පදින්න පුළුවන්ද කියන එක නම් ප්‍රශ්නයක්. කොහොම වුනත් කවදාහරි ලැම්බෝගිනියක් ගන්නවා කියලා හිතේ තිබ්බා නම් දැන් අවස්ථාවක් තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post