News Line| Off Air
Generic placeholder image

Dec
10

වාර්තා රැසක් තබමින් සිංහයින් යලි දඩයම අරඹයි. අද ජයග්‍රහණයත් එක්ක ලංකාව තැබූ වාර්ථා මෙන්න.

1763 Views


වාර්තා රැසක් තබමින් සිංහයින් යලි දඩයම අරඹයි. අද ජයග්‍රහණයත් එක්ක ලංකාව තැබූ වාර්ථා මෙන්න.

පළවෙනි එක්දින තරඟයේදී ඉන්දියාවට කළු පැල්ලම් හිටින පරාජයක් අත් කර දෙන්න ලංකාව සමත් වුණා. එක්දින තරඟ ජයග්‍රහණ පිපාසයෙන් හිටිය ලංකාවට අවසානයේ සුපිරි ජයග්‍රහණයක් හිමි වුණා. සුරංග ලක්මාල් අතුළු ලංකාවේ පන්දු යවන්නන් ඉන්දියාව තමන්ගේ දෙපා පාමුල දණ ගස්සන්න සමත් වුණා. ධර්මසාලා ක්‍රීඩාංගනයේ පැවැත්වුන මේ තරඟයේ කාසියේ වාසිය දිනා ගත්තේ නව නායක තිසර. ඔහු ඉන්දියාවට මුලින්ම ලකුණු රැස් කර ගන්න අාරධනා කරා.

අාබාධය නිසා පහුගිය කාලෙම පිතිකරුවෙක් විදියට විතරක් ක්‍රීඩා කරපු මැතිව්ස් අද අාරම්භක පන්දු යවන්නා විදියට පන්දු යැව්වා. කාලෙකට පස්සේ යවපු පළමු පන්දුවාරයෙන්ම කඩුල්ලක් දවා ගන්න මැතිව්ස්ට පුළුවන් වුණා. ශිකර් ධවාන් ලකුණු නොලබා දැවී ගියා. වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂ පන්දු යවන්නා තමන් බව ඔප්පු කරන්න සුරංග ලක්මාල් අද සමත් වුණා. ඉන්දියාවේ පළමු කඩුලු 5 ලකුණු 16 කට බිද වැටුණේ වාර්තාවක්ද සමඟින්. නායක ශර්මා ලකුණු 2 යි. කාර්තික් ලකුණු ලබා ගන්නට පෙර දැවී ගියා. ශ්‍රෙයාස් ලකුණු 9 යි. මනීශ් පාණ්ඩේ ලකුණු 2 යි. එක අවස්ථාවකදී ලකුණු 29 කට කඩුලු 7 ක් බිද වැටී ඉන්දියාව අසරණ වෙලා හිටියා.

හැමදාම වගේ ඔවුන්ගේ පිහිටට හිටියේ මහේන්ද්‍ර සිං දෝනි. බිදවැටෙමින් තිබ්බ ඉන්දීය ඉනිමට තනියම මුක්කුවක් ගහපු දෝනි ලකුණු 65 යි. එ් හතරේ පහර 10 ක් සහ හයේ පහර 2 ක් එක්ක. හාර්තික් පාණ්ඩ්‍යා ලකුණු 10 යි. කුලිදීප් යාදෙව් ලකුණු 19 යි. බුවනේශ්වර්ට සහ බුම්රාට ලකුණු ලබා ගන්න ලංකාවේ පන්දු යවන්නන් අවසර දුන්නේ නෑ. සුපිරි පන්දු යැවීමක නිරතවුණ ලක්මාල් කඩුලු 4 ක් දවා ගත්තා. ඔහු ලකුණු 13 ක් විතරයි ඉන්දියාවට ලබා දුන්නේ. නිලකුණු ඕවර 4 ක් වාර්තා කරන්නත් සමත් වුණා. නුවන් ප්‍රදීප් කඩුලු 2 යි. මැතිව්ස්, අකිල, තිසර සහ පතිරණ එක කඩුල්ල බැගින් ලබා ගත්තා. පන්දු ඕවර 38 පන්දු 2 කදී ඉන්දියාවේ ඉනිම අවසන් වුණා. ලකුණු 112 ක් විතරයි ඔවුන්ට ලබා ගන්න පුළුවන් වුණේ.

ලංකාවට ලකුණු 113 ක ඉතාම පහසු ඉලක්කයක් ලැබුණේ. කඩුලු 3 ක් පමණක් දැවී ජයග්‍රහණය ලබා ගන්න ලංකාවට පුළුවන් වුණා. එ් සදහා ලංකාවට ඕවර 20 යි පන්දු 4 ක් විතරයි වැය වුණේ. ගුණතිලක එක ලකුණකට දැවී ගියා. තවදුරටත් තමන්ගේ හැකියාව ගැන ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමින් ළහිරු තිරිමාන්න ලකුණු නොලබා දැවී ගියා. නායකත්වයට වඩා පිත්ත කණ්ඩායමට වටිනා බව ඔප්පු කල තරංග ලකුණු 49 ක් ලබා ගත්තා. ඉන්දීය පන්දු යවන්නන්ට හිතේ හැටියට පහර දුන්න තරංග හතරේ පහර 10 ක් ලබා ගත්තා. සංයමයෙන් ලංකාව ජයග්‍රහණයට රැගෙන යන්න මැතිව්ස්ට සහ දික්වැල්ලට පුළුවන් වුණා. මැතිව්ස් නොදැවී ලකුණු 25 යි. දික්වැල්ල ලකුණු 26 ක් රැස් කරා. එ් හතරේ පහර 5 ක් එක්ක. බුවනේශ්වර්, බුම්රා සහ පාණ්ඩ්‍යා එක කඩුල්ල බැගින් ලබා ගත්තා.

.
ලංකාවට කඩුලු 7 ක දැවැන්ත ජයක් ලැබුණා. තරඟයේ වීරයා සුරංග ලක්මාල්. කලකට පස්සේ ක්‍රිකට් වාර්තා පොත් අලුත් කරන්න ලංකාවට පුළුවන් වුණා. ඉන්දියාවේ පළවෙනි කඩුලු 5 දැවී ගිය අඩුම ලකුණු ගණන විදියට අද තරඟය වාර්තා වුණා. තරඟාවලියේ තවත් තරඟ 2 ක් ඉතිරි වෙලා තියෙනවා. ඉතිරි තරඟ දෙකෙත් මේ වගේ සුපිරි ජයග්‍රහණ වාර්තා කරන්න ලංකාවට හැකි වේවා කියලා අපි සුභ පතනවා.

අද තරඟයේ ලකුණු පුවරුව මෙන්න.

 

 

 


News Articles
Latest Videos
Most Popular Post