News Line| Off Air
Generic placeholder image

Dec
11

දරු ප්‍රසුතිය කියන්නේ අසභ්‍ය දෙයක්. මාක් සකර්බර්ග් තීන්දු කරයි. (PHOTOS)

2410 Views


දරු ප්‍රසුතිය කියන්නේ අසභ්‍ය දෙයක්. මාක් සකර්බර්ග් තීන්දු කරයි. (PHOTOS)

මවක් මේ ලෝකෙට දරුවෙක් බිහි කරන්න ලොකු වේදනාවක් විඳිනවා. වෛද්‍යවරු කියන විදියට මිනිස් ශරීරයේ අස්ථි රැසක් එකට බිඳෙනවා තරම් වේදනාවක් දරු ප්‍රසූතියකදී මවකට දැනෙනවා. එ් වගේ ලොකු වේදනාවක්, කැපකිරීමක් කරන නිසා තමයි හැමදාමත් අම්මා ලෝකයේ උතුම්ම කෙනා විදියට හඳුන්වන්නේ. පහුගිය දවස්වල Facebook එකට වෛද්‍යවරයෙක් ඡායාරූපයක් එකතු කරලා තිබ්බා.

එ් මවක් තමන්ගේ දෑතින්ම දරුවෙක් ප්‍රසූත කරන අාකාරය. තායිලන්තයේ රෝහලක තමයි මේ සිදුවීම වෙලා තියෙන්නේ. මේ අම්මා දරුවා බිහිකරන වෙලාවේ කවුරු හරි මේ ඡායාරූපය අරගෙන. පස්සේ වෛද්‍යවරයෙක් වුන Lin Tzu-hung මේ ඡායාරූපය Facebook එකට දාලා තියෙනවා. ඉතාම පොඩි වෙලාවකදී එ් ඡායාරූපයට Like දස දහසකට වඩා ලැබිලා තියෙනවා.

ලෝකය පුරාම මේ ඡායාරූපයට ලොකු අවධානයක් ලැබුණා. මේ ඡායාරූපයේ කිසිම අසභ්‍ය දර්ශනයක් නෑ. එ්ත් විශේෂ අවධානයක් යොමු කරපු Facebook අායතනය එ් ඡායාරූපය ඉවත් කරලා තියෙනවා. ඔවුන් කියන්නේ අදාල ඡායාරූපය Facebook කොන්දේසි උල්ලංඝණය කරලා කියලා. හැබැයි ඉතිං මේ ඡායාරූපයේ නම් එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. තායිලන්තයේ ගැබිනි අම්මලා ප්‍රසව වේදනාව අඩු කර ගන්න සාම්ප්‍රදායික ඔෟෂධයක් භාවිතා කරනවා. එ් නිසා මේ විදියට මවටම ප්‍රසූතිය කර ගන්න පුළුවන්ලු.

 


News Articles
Latest Videos
Most Popular Post