ජස්ප්‍රිත් බුම්රා කියන්නේ ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න දක්ෂ වේග පන්දු යවන්නෙක්. හැබැයි ඊයේ තරඟයේදී නම් බුම්රාගේ පන්දුවත් වැඩ කරේ නෑ. ඔහු යවපු පන්දුවාර 7 දී ලකුණු 32 ක් උදුර ගන්න ලංකාවේ පිතිකරුවන් සමත්වුණා. එ් වගේම බුම්රා යවපු නිපන්දු 2 ලංකාවේ ජයග්‍රහණය පහසු කරන්න තවත් සමත් වුණා.
බුම්රා ලංකාවට එරෙහිව ධර්මසාලාවල සටන් කරන අතරේ ඔහුගේ සීයා සියදිවි හානි කර ගෙන තියෙනවා. ඔහු 84 හැවරිදි සැන්තොක් බුම්රා. ඔහුගේ බැනා වන රැජින්ඩර් බුම්රා පහුගිය සිකුරාදා සැන්ටොක් මහතා අතුරුදහන් කියලා පැමිණිලි කරලා තිබ්බා. සැන්තොක් බුම්රා දෙසැම්බර් පළවෙනිදා උත්තරාකන්ද් ඉදන් අහමදාබාද් වලට ජස්ප්‍රිත් බුම්රා හම්බෙන්නත් අැවිත් තියෙනවා. එ්ත් බුම්රාගේ සීයා පහුගිය සිකුරාදා වස්ත්‍රපූර් වල ගෙදරින් කාටවත් නොකියා ගිහින්.
ඔහුගේ සිරුර ඊයේ උදෑසන අහමදාබාද්වල සබර්මතී ගඟේ තිබිලා හොයාගෙන තියෙනවා. පොලීසිය කියන්නේ මේක සියදිවි හානි කර ගැනීමක් කියලා. එ් වුනත් සියදිවි හානි කර ගන්න හේතුව නම් තාම හොයාගෙන නෑ.