News Line| Off Air
Generic placeholder image

Dec
12

ශ්‍රී ලංකා කණ්ඩායම ගුවන් තොටුපොළේ සිරවෙයි. දෙවන තරඟයට පුහුණු වීමක් නැතුවම සෙල්ලම් කරන්න වෙන ලකුණු.

2471 Views


ශ්‍රී ලංකා කණ්ඩායම ගුවන් තොටුපොළේ සිරවෙයි. දෙවන තරඟයට පුහුණු වීමක් නැතුවම සෙල්ලම් කරන්න වෙන ලකුණු.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවන එක්දින තරඟය පැවැත්වෙන්නේ හෙට. ඒ මොහාලි හිදී. හැබැයි මේ තරඟයට සහභාගී වෙන ශ්‍රී ලංකා කණ්ඩායම තාමත් මොහාලි නුවරට ගිහිං නැහැ. ඊයේ දිනයේ තමයි ශ්‍රී ලංකාව පළමු එක්දින තරඟය පැවැත්වුණු ධර්මසාලා නුවර ඉඳලා මොහාලි වලට යන්න හිටියේ. ඒ ගුවන් මගින්. හැබැයි අයහපත් කාලගුණය හින්දා ඊයේ ගුවන් ගමන් සීමා කරලා.

ඊයේ ධර්මසාලා ගුවන් තොටුපොළේ ශ්‍රී ලංකා කණ්ඩායම පැය 4ක් විතර රස්තියාදු වෙලා. ඉතින් ආයිත් කලින් නැවතිලා හිටපු හෝටලයටම ගිහිං. කොහොම වුණත් අද දවස ඇතුලත ශ්‍රී ලංකා කණ්ඩායම ගුවනින් බැරි වුණොත් ගොඩබිමින් හෝ මොහාලි වෙත රැගෙන යන්නයි ඉන්දීය ක්‍රිකට් පරිපාලනය තීරණය කරේ. එහෙම වුණොත් ලංකා ක්‍රීඩකයන්ට පැය 5 යි විනාඩි 30 ක් විතර සුඛෝපභෝගී බස් රථයක ගමන් කරන්න වෙනවා.

ධර්මසාලා වල ඉඳලා මොහාලි වලට 248km දුරක් තියෙනවා. මේ තියෙන්නේ ඒ ගමන් මාර්ගය.

 


News Articles
Latest Videos
Most Popular Post