News Line| Off Air
Generic placeholder image

Dec
12

“තිසර පෙරේරා තමයි මගේ තරඟයේ වීරයා” – ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුහුණුකරු නික් පෝතාස්ගෙන් අාන්දෝලනාත්මක ප්‍රකාශයක්.

2818 Views


“තිසර පෙරේරා තමයි මගේ තරඟයේ වීරයා” – ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුහුණුකරු නික් පෝතාස්ගෙන් අාන්දෝලනාත්මක ප්‍රකාශයක්.

ලංකාවේ එක්දින තරඟ පරාජ රැල්ල මතක හිටින විදියට අවසන් කරන්න ලංකාවට පුළුවන් වුනා. එ් ඉන්දියාව එක්ක තිබ්බ පළවෙනි එක්දින තරඟයේදී ඉන්දියාවට ලැජ්ජා සහගත පරාජයක් උරුම කරලා දීලා. සුපිරි පන්දු යැවීමක නිරතවුන සුරංග ලක්මාල් ලකුණු 13 කට කඩුලු 4 ක් දවා ගත්තා. තරඟයේ වීරයා සම්මානය හිමි වුනෙත් ඔහුට.

හැබැයි සුරංග ලක්මාල් නෙවෙයි තරඟයේ වීරයා කියලා නික් පෝතාස් කිව්වා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මෙහෙම කිව්වේ තරඟයෙන් පස්සේ තිබ්බ මාධ්‍ය හමුවේදී. තරඟයේ කාසිය වාසිය දිනා ගත්ත එක ජයග්‍රහණයට සුවිශේෂී හේතුවක් වුනා කියලයි පෝතාස් කිව්වෙ. “එ් නිසා නව නායක තිසර පෙරේරා තමයි මගේ තරඟයේ වීරයා.” පෝතාස් කිව්වේ එහෙමයි. තරඟය ගැන පෝතාස් වැඩිදුරටත් කිව්වේ මෙහෙමයි. ” මම තරඟයේ හැරවුම් ලක්ෂ 2 ක් දැක්කා. එකක් තමයි කාසියේ වාසිය. අනෙක් එක තමයි උපුල් තරංගට ලැබුණු නිපන්දුව. එ් වෙලාවේ කඩුල්ලක් බිඳ වැටුනා නම් ලකුණු 15 කට කඩුලු 3 ක් වෙලා අපි අපහසුතාවයට පත් වෙනවා.”

ඉන්දීය කණ්ඩායමේ අලුත් නායකයා කිව්වේ තරඟයේ සියලුම ගෞරව ශ්‍රී ලංකාවේ පන්දු යවන්නන්ට හිමි වෙනවා කියලා. “අපි වැරදි පහරවල් ගැහුවා. ශ්‍රී ලංකා පන්දු යවන්නන් පරිසර තත්වය හොදට ප්‍රයෝජනට අරන් පන්දු යැව්වා. අනිවාර්යෙන්ම එහි ගෞරවය ලංකාවේ පන්දු යවන්නන්ට ලැබෙන්න ඕන. මේ වගේ පරිසර තත්වයකදි පන්දුවට පහර දෙන විදිය ගැන කණ්ඩායමක් හැටියට අපි තන කතා කරන්න ඕන.” කියලයි.


News Articles
Latest Videos
Most Popular Post