News Line| Off Air
Generic placeholder image

Dec
12

ඉන්දියන් වාහන මිල ලබන අවුරුද්දේ ඉඳන් ඉහළ යන හැටි මෙන්න.

1245 Views


ඉන්දියන් වාහන මිල ලබන අවුරුද්දේ ඉඳන් ඉහළ යන හැටි මෙන්න.

මංගල මහත්තාගේ මංගල අයවැයෙන් වාහන මිල අඩුවෙයි කියලා ගොඩක් අය බලන් හිටියා. හැබැයි අන්තිමට වුනේ කන්දක් විලිදාලා මී පැටියෙක් වැදුවා වගේ වැඩක්. හිතපු තරම් ඇඟටපතට දැනෙන වාසියක් අයවැයෙන් වාහන වලට ලැබුනේ නෑ. අයවැයෙන් වාහන ගන්න බලන් හිටිය අය කබලෙන් ලිපට වැටෙන්නයි යන්නේ. එ් ඉන්දීය මෝටර් රථ නිශ්පාදන සමාගම් වාහන මිල ඉහළ දාන්න යන නිසා.

ලබන අවුරුද්දේ මුල ඉඳලා මේ මිල වැඩි වීම වෙනවා කියලයි ටයිමිස් ඔෆ් ඉන්දියා සගරාව කියන්නේ. එ්කට හේතුව වෙලා තියෙන්නේ සම්ප්‍රදායිකව දෙසැම්බර් මාසයේ අඩු කරන මිල ජනවාරි මාසයේදී ප්‍රතිපූර්ණ කර ගන්න මිල ඉහළ දාන එක. මේ වෙද්දිත් හොන්ඩා, ටාටා, මහින්ද්‍රා, හුන්ඩායි සහ වොක්ස්වැගන් සමාගම් ඉන්දීය රුපියල් 35,000 ඉදලා ලක්ෂය දක්වා මිල අඩු කරලා තියෙනවා.

මේ නිසා වෙන අලාභය කවර් කර ගන්න ජනවාරි මුල ඉඳන් මිල වැඩි කරනවා. ටොයෝටා 3% කින්, මහින්ද්‍රා 1.5-3% කින්, හොන්ඩා 1-2% කින්, ෆෝඩ් 1-3% කින් මිල ඉහළ දානවා කියලා දැනටමත් ප්‍රකාශ කරලා තියෙන්නේ. එ් නිසා ලබන අවුරුද්දේ මුල වාහනයක් ගන්න හිතුවා නම් මේ මාසෙම ගන්න. නැත්තම් ඉතිං වැඩිපුර ගෙවන්න වේවි.


News Articles
Latest Videos
Most Popular Post