මේ දවස්වල එක විවාහයක් ගැන මුළු ලෝකයම කතා වෙනවා. එ් තමයි ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලිගේ සහ ඉන්දීය සුපිරි නිළි අනුශ්කා ශර්මාගේ විවාහය. ඉතාලියේ සුපිරි හෝටලයක තමයි මේ දෙන්නා විවාහ උත්සවය ගත්තේ. කෝලි කියන්නේ ලංකාවේ අයට නම් නයාට අඳුකොළ වගේ කෙනෙක්. හැබැයි එ් ඉන්දියාව සහ ලංකාව අතර ක්‍රිකට් තරඟ තියෙන වෙලාවට විතරයි. අනික් වෙලාවට කෝලිටත් ලංකාවේ අය ගොඩාක් අාදරය කරනවා. එ් නිසා කෝලිගේ විවාහ උත්සවයට සුභ පතන්න අපේ අය අමතක කරේ නෑ. මේ තියෙන්නේ එ් වගේ ෆේස්බුක් එකේ පලවුන Post කිහිපයක්.