News Line| Off Air
Generic placeholder image

Dec
12

හතුරුසිංහ එක්ක පැටලුන ෂකිබ් අල් හසන්ට බංගලාදේශයෙන් උසස්වීමක්.

1652 Views


හතුරුසිංහ එක්ක පැටලුන ෂකිබ් අල් හසන්ට බංගලාදේශයෙන් උසස්වීමක්.

හතුරුසිංහ බංගලාදේශයේ පුහුණුකරු තනතුරෙන් ඉවත් වුනාට පස්සේ බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමෙත් වෙනස්කම් රැසක් සිද්ධ වුනා. ප්‍රධානම වෙනස්කම තමයි මෙච්චර කල් බංගලාදේශ ටෙස්ට් කණඩායම මෙහයවපු මුෂ්ෆිකර් රහීම් වෙනුවට හිටපු නායක ෂකීබ් අල් හසන්ට අායෙත් නායකත්වය දීලා තියෙනවා. එ් වගේම හිටපු උප නායක තමීම් ඉක්බාල් වෙනුවට මහමදුල්ලා අලුත් උප නායකයා විදියට පත් කරලා තියෙනවා.

ෂකීබ් මීට කලින් 2009 ඉදන් 2011 වෙනකන් බංගලාදේශ ටෙස්ට් කණ්ඩායමට නායකත්වය දුන්නා. හැබැයි දිගින් දිගටම තරඟ පරාජය වෙන්න ඔහුට සිද්ධ වුනා. ෂකීබ් තරඟ 9 කට නායකත්වය දීලා තරඟ 8 ක්ම පැරදුනා. එ් වගේම 2014 දී හතුරුසිංහ එක්ක මතගැටුම් අැති කර ගත්ත නිසා ෂකීබ්ට මාස 6 ක තරඟ තහනමකුත් වැටුනා. හැබැයි හිටපු නායක මුෂ්ෆිකර් නම් හතුරුසිංහ එක්ක වැඩ පෙන්නලා තියෙනවා. ටෙස්ට් තරඟ 34 කට නායකත්වය දීලා තියෙන ඔහු තරඟ 7 ක් දිනලා තරඟ 18 ක් ජය පරාජයෙන් තොරව නිමාවට පත් කරගෙන තියෙනවා. බංගලාදේශ ඉතිහාසයේ වාර්තා ගත ජයග්‍රහණ ලබා ගත්ත මුෂ්ෆිකර්ව හතුරුගේ ඉවත්වීමත් එක්ක අයින් කරේ හතුරුසිංහට ටොක්කක් අයින්නද කියලත් හිතෙනවා.

හැබැයි බංගලාදේශ ක්‍රිකට් අායතනය නම් කියන්නේ එහෙම විශේෂ හේතුවක් නෑ කියලා.

“නායකත්වය වෙනස් කරන්න විශේෂ හේතුවක් නෑ. මූලිකවම අපි හිතනවා මේ වෙනස සිදු වෙන්න ඕන කියලා. අපිට මුෂ්ෆිකර්ගෙන් ප්‍රභල පිතිරකණ රටාවක් ඕන. එ්කට හැඩ ගැහෙන්න ඔහුට විවේකයක් ඕන. සමස්තයක් විදියට ඊළඟ අවුරුදු 4 හෝ 5 අපි යාමට බලාපොරොත්තු වෙන සැලැස්මේ අාරම්භය තමයි මේක.”

කියලයි බංගලාදේශ ක්‍රිකට් ප්‍රධානී නස්මුල් හසන් නිව්වේ. එ් වුනත් අපිට නම් හිතෙන්නේ මේක අටුව කඩා පුටුව හදන්න හැදුවා වගේ වැඩක් කියලා.


News Articles
Latest Videos
Most Popular Post