සමන් ලෙනින් කියන්නේ ලංකාවේ ජන සංගීතය ජාත්‍යන්තරයට ගෙනියන ගායකයෙක්. ඔහුට මේ පහුගිය දා සුවිශේෂී සම්මානයක් ලැබුණා. එ් තමයි ජපන් රජයෙන් ශ්‍රී ලංකාවට පිරිනමන “බුන්කා” අන්තර්ජාතික සම්මානය.
සංස්කෘතිය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් කරන අයට තමයි මේ සම්මානය දෙන්නේ. ජපන් – ශ්‍රී ලංකා විද්වත් කමිටුවකින් තමයි මේ සම්මානයට සුදුස්සන් තෝරන්නේ. බුන්කා සම්මාන උළෙල 1990 ඉදන් පවත්වනවා. තමන්ට ලැබුණ සම්මානය ගැන සමන් ලෙනින් කිව්වේ මෙහෙමයි. “අපේ රටේ සංස්කෘතියට උර දෙන කලාකරුවෙක් විදියට මට මේ ලැබුණ අන්තර්ජාතික අැගයුම ගැන මට විශාල අාත්මතෘප්තියක් දැනෙනවා. ජන සංගීතය අදටත් නොනැසී පවතින බවට මේ සම්මානය කදිම උදාහරණයක්.”
අැත්තටම සමන් ලෙනින් ලංකාවේ ජන සංගීතයට කරන මෙහෙය ඉතාම විශාලයි. බිස්කට් කුඩු සංගීතයට තරුණයන් අැදී යන කාලයේ ජන සංගීතය අාරක්ෂා කරගන්න සමන් වගේ තරුණයන් තවත් ලංකාවට අවශ්‍ය කරනවා.
ඉතිං සමන් ලෙනින්ට සුභ පතන්න අපි ඔහුට කතා කරා. එ් වෙලේ අපිට ඔහු කියපු කතාවේ හඩපටය තමයි මේ.
https://youtu.be/PUYAAGhocyE