News Line| Off Air
Generic placeholder image

Dec
13

අද ලග්න දෙකකට දුර ගමන් යෙදෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

602 Views


අද ලග්න දෙකකට දුර ගමන් යෙදෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2017 දෙසැම්බර් මාසයේ 13 බදාදා

රාහු කාලය: ප.ව. 12.04 සිට 01.32

සුභ දිශාව: උතුර

මරු සිටින දිශාව: නිරිත

 

 

 

 

මේෂ ලග්නය

හවුල් ව්‍යාපාර කටයුතු වලට ඉතාමත්ම යෝග්‍ය දවසක්. අන් අයගේ ආකර්ෂණය ඔබට හිමි වෙනවා. ඔබගේ පෞරුෂය වර්ධනය වෙනවා. සමාජය තුල ගෞරවයට පත් වෙනවා. රැකිරක්ෂා වෙළදාම් කටයුතු පිලිබදව අලුත් මානයකින් හිතන්න පතන්න ශක්තිය ලැබෙනවා. පිං සිතුවිලි පහල වෙනවා. තෙල් සහිත ආහාර වලින් ප්‍රවේසම් වෙන්න.                         

ජය වර්ණය: ලා නිල් පැහැය                      ජය අංකය: 08

වෘෂභ ලග්නය

ඔබට එරෙහිව තිබුණු සතුරු කරදර සියුම් බාධාවන් හරියාකාරයෙන් අවබෝධ කර ගැනීමේ හැකියාව ඉඩකඩ පවතිනවා. සමාජ ගෞරවයට පාත්‍ර විය හැකියි. කායික ශක්තිය වර්ධනය කරගෙන බොහෝ කටයුතු වලට ඔබ නොබියව මුහුණ දෙනවා. සමාජය තුල කැපී පෙනෙන හැකියාව ලැබෙනවා. ආගමානුකුල ගමන් වලට බොහෝ ආරාධනා ලැබෙනවා. දුර බැහැර ගමන් යන්න ඉඩකඩ වෙන් වෙනවා. සෞඛ්‍යමය පිඩා ඇතිවිය හැකි නිසා කල්පනාකාරී වෙන්න. හවුල් ව්‍යාපාර කටයුතු වලටත් පිය පාර්ශවය මුල් කර ගත්ත කටයුතු වලටත් යෝග්‍යයි.                            

ජය වර්ණය: විසිතුරු පැහැය                       ජය අංකය: 06

මිථුන ලග්නය

බොහෝ කටයුතු සාර්ථකත්වයට පත් කර ගන්න පුළුවන්. ජීවිතය පිලිබදව අලුත් බලාපොරොත්තු ගොඩ නැංවෙනවා. කායික ශක්තිය මානසික ශක්තිය වර්ධනය වෙනවා. අධ්‍යාපනික කටයුතු පිලිබදව අලුත් මානයකින් හිතන්න පතන්න පුළුවන් දවසක්. මානව සම්පත් කළමනාකරණය ආදී කටයුතු ප්‍රේමය සම්බන්ධ කටයුතු විවාහ ජීවිතය තුල බාධා සියල්ල දුරු කරගත හැකි වෙනවා. වචන බාවිතා කරද්දී කල්පනාකාරී වෙන්න.

ජය වර්ණය: ලා රතු පැහැය                        ජය අංකය: 03

 

කටක ලග්නය

හදවත ආශ්‍රිත පුංචි පුංචි බාධා ඇති වෙන්න පුළුවන්. ගෙදර දොර පරිසරය යහපත්ව පවත්වා ගන්න හැකියාව පවතිනවා. සමාජය තුල කැපී පෙනෙන චරිතයක් බවට ඔබ පත් වෙනවා. අන් අයගේ ආකර්ෂණය හිමි වෙනවා. අලෙවිකරණ වැනි කටයුතු වල නිරත වෙලා ඉන්න කෙනෙක් නම් බොහොම පහසුවෙන් එවැනි කටයුතු සාර්ථක කර ගන්න පුළුවන්. කෙටි ගමන් බිමන් රාශියක් යෙදෙනවා. අධ්‍යාපනික කටයුතු උසස් මට්ටමකට පත් වෙනවා. තමන්ගේ දු දරුවන්ගේ කටයුතු නිසා සිතේ සතුට වර්ධනය වෙනවා.                           

ජය වර්ණය: ක්‍රීම් පැහැය                            ජය අංකය: 01

සිංහ ලග්නය

සමාජයේ පොදු කටයුතු වලට ඔබ කැමැත්තක් දක්වනවා. අසල්වාසීන්ගේ කටයුතු වලටත් ඔබ මැදිහත් වෙනවා. සහෝදරයන්ගේ කැමැත්ත ඇල්ම ඔබේ කටයුතු වලට හිමි වෙනවා. කෙටි ගමන් බිමන් වලින් පාද ආශ්‍රිත රෝගී තත්ව වෙහෙසකර තත්ව නිර්මාණය වෙනවා. ගෙවල් දොරවල් අලුත් වැඩියා කරන්න අලුත් අලුත් දේවල් මිලදී ගන්න ඉතාමත් යහපත්. පොත්පත් ආශ්‍රිත කටයුතු අධ්‍යාපනික ශක්තිය වර්ධනය කර ගැනීමේ කටයුතු  ඉතාමත්ම යහපත් මට්ටමක පවතිනවා. සෞඛ්‍යමය බාධා ඇතිවිය හැකියි.

ජය වර්ණය: ලා කහ පැහැය                       ජය අංකය: 09

කන්‍යා ලග්නය

වාචික කායික මානසික ශක්තිය බොහෝ වර්ධනය වෙනවා. පාද ආශ්‍රිත රෝග විටින් විට උත්සන්න වේවි. සමාජ ගෞරවයට පාත්‍ර වෙනවා. සමාජයේ ශක්තිය වර්ධනය වෙන්න ඉඩකඩ පවතිනවා. අසල්වාසීන්ගෙන්, පියපස ඥාතීන්ගෙන් යහළුවන්ගෙන් පවා උදව් උපකාර හිමි විය හැකියි. මානව සම්පත් කළමනාකරණය වැනි කටයුතු වලින් යම් ජයග්‍රහණයක් අත්පත් වෙනවා. වෘත්තිමය කටයුතු සුළු වශයෙන් වෙනස් කරන්න හිතෙනවා. ආර්ථිකය යහපත් මට්ටමක පවතිනවා.

ජය වර්ණය: ලා කොළ පැහැය                   ජය අංකය: 03

 

තුලා ලග්නය

මානව සම්පත් කළමනාකරණය බැංකු ක්ෂේත්‍රය වචන බාවිතා කරන වෘත්තීන් තාක්ෂණික මෙවලම් බාවිතා කරන කටයුතු වලට ඉතාමත්ම යහපත්. යාන වාහන ගෙන්වා බෙදාහැරීම් වැනි කටයුතු පහසුවෙන් දියුණු කරගත හැකියි. සංචාරක කටයුතු වලින් පවා බොහෝ ලාභ ලැබෙනවා. වෘත්තිමය කටයුතු වලදී අලුත් මානයකින් හොයා බලන්න ඔබ උත්සහ දරනවා. ඔබේ කටයුතු නිසිලෙස කළමනාකරණය කර ගන්න.                             

ජය වර්ණය: ලා දම් පැහැය                        ජය අංකය: 04

 

 

වෘශ්චික ලග්නය

 

ඔබ කරන බොහෝ කටයුතු වලින් අන් අය බොහෝ ප්‍රයෝජන ලබා ගන්නවා. ඔබගේ යාළුවන්ට සිදුවන අසනීප නිසා ආරෝග්‍යශාලා ආශ්‍රිත ගැවසීමට සිදු වේවි. කෙටි ගමන් බිමන් කිහිපයක් යෙදෙනවා. වියළි කාළගුණ තත්ව යටතේ වැඩි වශයෙන් ගැවසීමට සිදු වෙනවා. අනවශ්‍ය වියදම් පාලනය කර ගන්න. සමාජ ගෞරවයට පාත්‍ර වෙනවා. අන් අයගේ ආකර්ෂණය දිනා ගැනීමට හැකියාව ලැබෙනවා. මානව සම්පත යොදා ගෙන කරන කටයුතු ජයග්‍රහණයක් බවට පත් වෙනවා.

ජය වර්ණය දීප්තිමත්: කොළ පැහැය                       ජය අංකය: 05

 

 

ධනු ලග්නය

ඔබගේ ධන ශක්තිය වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙනවා. දියරමය දේවල් අලෙවි කිරීම්, වැගිරෙන සුළු ද්‍රව්‍ය කාන්තාවන්ට ළමයින්ට අවශ්‍ය වන ද්‍රව්‍ය අලෙවි කිරීමෙන් බොහෝ වාසි ලබා ගත හැකි වෙනවා. ඔබගේ පරිපාලනමය හැකියාවන් දියුණු වෙනවා. තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු වලින් බොහෝ වාසි සහගත තත්ව උදා වෙනවා. ඇගලුම් ක්ෂේත්‍ර ආශ්‍රිත කටයුතු වලට පවා යෝග්‍යයි. ඔබගේ වචන භාවිතා කිරීමේ මන්දගාමී ස්වභාවය මුලික කරගෙන යම් ගැටළු මතු විය හැකියි. කල්පනාකාරීවීම අවශ්‍ය තැන් වලදී වචන බාවිතා කිරීම ඉවසිලිවන්ත වීම වඩාත් වැදගත්.

ජය වර්ණය: ලා නිල් පැහැය                     ජය අංකය: 05

 

 

මකර ලග්නය

රැකිරක්ෂා වෙළඳාම් කටයුතු වලින් ඔබට බොහෝ ජයග්‍රහණ අත්පත් කර ගත හැකියි. එවැනි කටයුතු වලදී අන් අයගේ ආකර්ෂණය නිසා බොහෝ වරප්‍රසාද ඔබට හිමි වෙනවා. අලුත් ආදායම් මාර්ග විවර කර ගැනීමට හැකියාව ලැබෙනවා. පියපස ඥාතීන් සමග කරන ගණුදෙනු කිරීම් වලදී කාන්තාවන් සමග කරන ගණුදෙනු කිරීම් වලදී තරමක් කල්පනාකාරී වීම වඩාත් වැදගත්. සිත එක්තැන් කරගෙන දවස සැලසුම් කරගන්න.

ජය වර්ණය: ලා කහ පැහැය                       ජය අංකය: 05

 

 

කුම්භ ලග්නය

පෙරපින ඉස්මතු කර ගැනීමේ හැකියාව පවතිනවා. නිසි වෙලාවට ආහාර ගැනීමට ඔබට හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ තරමටම ඔබ කාර්යබහුල වෙනවා. කෙටි ගමන් බිමන් යෙදෙනවා. බොහෝ රාජකාරි ඔබ මතට පැටවෙනවා. කල්පනාකාරී වෙන්න ඉවසිලිවන්ත වෙන්න. රාජ්‍ය අර්ධ රාජ්‍ය සේවා වැනි කටයුතු වලිනුත් බොහෝ ධන ශක්තිය ලැබෙනවා. මානව සම්පත් කළමනාකරණය වැනි කටයුතු වලින් තරමක බාධා ඇති වෙනවා.

ජය වර්ණය: ලා කොළ පැහැය                   ජය අංකය: 08

 

 

මීන ලග්නය

විවාහ සම්බන්ධතා, විවාහයෙන් පසු ඥාතීන් අතර සම්බන්ධතා වලදී ඉවසිලිවන්ත විය යුතුයි. කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත රෝගී තත්ව ඇතිවිය හැකියි. පියපස ඥාතීන් අතර පුංචි පුංචි නොහොඳ නෝක්කාඩු ඇතිවිය හැකියි. දුර බැහැර ගමන් යන්න ආරාධනා ලැබෙනවා. තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු වලින් වැටීම් තැලීම් තුවාල වීම් වැනි රෝග වලින් බාධා ඇතිවිය හැකියි. අධ්‍යාපනික කටයුතු වලට නම් බාධා ඇති වෙනවා. ඔබගේ ආරක්ෂාව පිලිබදව සැලකිලිමත් වෙන්න.

ජය වර්ණය: ලා කහ පැහැය                          ජය අංකය: 07

 

 

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක

දුරකථන අංකය: 076 67 65 353  


News Articles
Latest Videos
Most Popular Post