ගයේෂා පෙරේරා කියන්නේ නව පරපුරේ ජනප්‍රිය නිළියක්.ඉගිළෙන මාළුවෝ චිත්‍රපටයේ ඇයගේ ආන්දෝලනාත්මක රඟපෑම නිසා ඇය තවත් ජනප්‍රිය වුනා. ඒ වගෙම ඇය ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධයි කියන එක රහසක් නෙවෙයි. ගයේෂා පහුගිය මහා මැතිවරණයටත් තරඟ කරන්න හැදුවා. එත් ඇයට නාමයෝජනා ලැබුනේ නෑ.
හැබැයි ගයේෂා නම් ඡන්දේ ඉල්ලන අදහස අතහැරලා නෑ. මේ පාර පුංචි ඡන්දයටත් ඇය නාමයෝජනා අත්සන් කරලා තියෙනවා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්. දෙහිවල – ගල්කිස්ස නගර සභාවට තමයි ඇය නාම යෝජනා අත්සන් කරලා තියෙන්නේ. දෙහිවල නැගෙනහිර කවුඩාන කොට්ඨාශයට තමයි ඇය ඉදිරිපත් වෙන්නේ.
කොහොම වුනත් ගයේෂාව තෝරාපත් කරන බලය තියෙන්නේ ජනතාවට. අපි බලමු ගයේෂාට දෙහිවල – ගල්කිස්ස ජනතාවගේ හිත දිනා ගන්න පුළුවන් වෙයිද කියලා.