පළවෙනි එක්දින තරඟයේ ඉන්දියාවට වුන අවනම්බුවේ පළිය අර ගන්න ෂර්මා අද සමත්වුනා. එ් ශ්‍රී ලංකාව එක්ක පැවැත්වෙන දෙවෙනි එක්දින තරඟයේදී. මොහාලි ක්‍රීඩාංගණයේදී අාරම්භ වුන තරඟයේ කාසියේ වාසිය දිනා ගත්තේ තිසර පෙරේරා. ඔහු මුලින්ම ලකුණු රැස් කරන්න ඉන්දියාවට අාරාධනා කරා.
හැබැයි අද තරඟයේදී නම් තිසරගේ තීරණය වැරදි එකක් වුනා. ඉන්දියාවේ අාරම්භක පිතිකරුවන් විදියට පිටියට අාවේ නායක රෝහිත් ෂර්මා සහ ශිකර් ධවාන්. ඔවුන් දෙදෙනා පළවෙනි කඩුල්ලට ලකුණු 115 ක් රැස් කරා. ධවාන් වේගවත් ලකුණු 68 ක් ලබා ගත්තා. එ් 4 පහර 9 කුත් එක්ක. ඊට පස්සේ පිටිය එක් වුන ෂර්මා සහ ශ්‍රෙයාස් ඉයෙර් තවත් ලකුණු 213 ක දැවැන්ත සබඳතාවක් ගොඩනැගුවා. ශ්‍රෙයාස් වේගවත් ලකුණු 88 ක් රැස් කරා. එ් 4 පහර 9 ක් සහ 6 පහර 2 ක් එක්ක. දෝනි ලකුණු 7 කට දැවී ගියා. පාණ්ඩ්‍යා ලකුණු 8 යි.
පළවෙනි තරඟයේ ලබා ගන්න බැරිවුන ලකුණුත් එක්ක අද තරඟයේදී ලකුණු රැස් කරගන්න නායක ෂර්මා කටයුතු කරා. ඔහු නොදැවී අධිවේගී ලකුණු 208 ක් ලබා ගත්තා. එ් 4 පහර 13 ක් සහ දැවැන්ත 6 පහර 12 ක් එක්ක. ඔහු එකදින තරඟයකදී රැස් කර ගත්ත 3 වෙනි දිත්ව ශතකය තමයි මේ. ලංකාවේ පන්දු යවන්නන් 7 දෙනෙක් ඉන්දියාවේ පිතිකරුවන් වලක්වන්න උත්සහා කරා. එ්ත් තිසර පෙරේරා හැරෙන්නට අනිත් කාටවත් සාර්ථක වෙන්න බැරි වුණා. තිසර කඩුලු 3 ක් දවා ගත්තා. සචිත් පතිරණ කඩුල්ලක් දවා ගත්තා.
මේ දැවැන්ත ඉනිම එක්ක වාර්තා රැසකුත් තමන්ගේ නමට ලියා ගන්න ෂර්මා සමත් වුණා.
* එක්දින තරඟවලදී වැඩිම දිත්ව ශතක රැස් කල ක්‍රීඩකයා වුනේ රෝහිත් ශර්මා. ඔහු දිත්ව ශතක 3 ක් ලබා ගෙන තියෙනවා.
* එක්දින තරඟවලදී නායකයෙක් රැස්කල දෙවෙනි වැඩිම ලකූණු ගණන. නායකයෙක් විදියට වැඩිම ලකුණු රැස් කරලා තියෙන්නේ විරේන්ද්‍ර ශෙවාර්. එ් ලකුණ 219 ක්.
* ඉන්දියාවේ ක්‍රීඩකයෙක් වසරකදී ලබා ගත්ත 3 වෙනි වැඩිම ශතක ගණන. ෂර්මා මේ අවුරුද්දේ ශතක 6 ක් ලබා ගෙන තියෙනවා.
ලංකාවට දැවැන්ත ලකුණු 395 ක ඉලක්කයක් තියෙනවා. ඕවරයකට 7.85 ක ලකුණු සාමාන්‍යයක් ඕන කරනවා. මේ දැවැන්ත අභියෝගය ජයගන්න ලංකාවට පුළුවන් වෙයිද කියලා අපි බලමු.