අද 2017 දෙසැම්බර් මාසයේ 14 වන බ්‍රහස්පතින්දා
රාහු කාලය: ප.ව.01.33 සිට 03.01
සුභ දිශාව: ඊසාන

කණ්ඩායම් හැඟීම, එඩිතර ස්වභාවය,ඉදිරියට යාමේ ලක්ෂණය අද ඔබට හිමි වෙනවා. විදේශගත වෙන්න විදේශගත වීමට ලිපිලේඛන ඉදිරිපත් කරන්න, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන්නට, විදේශ භාෂා හැදෑරීමට ඔබට අද කදිමයි. පවුලේ අඬදබර, සතුරු කුමන්ත්‍රණ එළිවෙන දවසක්. ඔබගේ අසනීප සුව වෙන දවසක්. පවුලේ කණ්ඩායම් හැගීම ඔබට ලැබෙන දවසක්.
ජය වර්ණය: ලා රතු පැහැය ජය අංකය: 07

ඔබ අද ඔබගේ සෞඛ්‍ය පිලිබදව සැලකිලිමත් වෙන්න. ඔබ ගන්නා ආහරපාන පිලිබදව සැලකිලිමත් වෙන්න. බුද්ධිමත් ලෙස කටයුතු කරනවා. ඉවසීමෙන් කටයුතු කරන ස්වභාවය කිසියම් සෞන්දර්ය විෂයකට දක්ෂ වීම අද ඔබට කැපී පේනවා. ආගමානුකුලව කටයුතු කරන්න.
ජය වර්ණය: තැඹිලි පැහැය ජය අංකය: 06

චින්තන ශක්තියට, නවකතාකරණය, කෙටිකතාකරණය මුද්‍රණ කටයුතු වලට සිනමා කටයුතු වලට සජිවිකරණයට ඉතා දක්ෂ වෙනවා. පවුලේ අඬදබර විසඳෙන දවසක්. තරමක මංගල යෝග උදා වෙනවා. කල්‍යාණ මිතුරන් ඇසුරට ලැබෙනවා. ඔබට සැනසිලිදායක තත්වයක් උදා වේවි.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 05

වගකීම් දැරීමට, ගාම්භීර ලෙස කටයුතු කිරීමට, කරුණාව දයාව තියෙන අය. ගෙයක් දොරක් ඉඩමක් රථවාහනයක් ලබා ගන්න යන්න පුළුවන් දවසක්. සාප්පු සවාරි යන්න කදිමයි. කිසියම් වාස්තු දෝෂ පැවතුනානම් ඒවා පිළිසකර කර ගන්න පුළුවන්.
ජය වර්ණය: දීප්තිමත් සුදු පැහැය ජය අංකය: 04

අධීක්ෂණයට පාලනයට ස්වාධින ලෙස තීරණ ගැනීමට දක්ෂ අය. ආදර්ශමත් ලෙස කටයුතු කිරීමට දක්ෂයි. ඔබ අද කැපී පෙනීමේ භාග්‍ය හිමි වෙනවා. ප්‍රිය සම්භාෂණ වලට සහභාගී වෙන්න අවස්ථාව හිමි වෙනවා. ඔබගේ පෞරුෂය අද ඉස්මතු වෙන දවසක්. සතුරන් මෙල්ල කරගන්න පුළුවන්.
ජය වර්ණය: තැඹිලි පැහැය ජය අංකය: 03

ඔබට අද ලේඛන කලාවට විවිධ අදහස් පහල වන දවසක්. විවිධ භාෂා හැදෑරීමට චතුර ලෙස කතා කිරීමට තම රටට දැයට වර්ගයාට ආදරය කිරීමේ ශක්තිය දෙගුණ තෙගුණ වෙන දවසක්. බොහෝ සංකීර්ණ විෂයන් බොහෝ සරල ලෙස අන් අයට පහදා දීමට හැකියාව ලැබෙනවා.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 02

හදිසි ධන ලාභ සහිත දවසක්. ඔබ මහා පරිමාණ ව්‍යාපාර වලට දක්ෂයි. අවශ්‍ය දේ අකුරටම තේරුම් ගන්නවා. තත්වය උසස් දේ නිතරම තෝරා ගන්නවා. රස මසවුළු ආහාර, සුව පහසු ස්ථාන වලට යාම, විනෝද ගමන් වන්දනා ගමන් යාමට අද ඔබට අවස්ථාව උදා වෙන්න පුළුවන්.
ජය වර්ණය: දම් පැහැය ජය අංකය: 01

යථාර්තය වහා තේරුම් ගැනීමේ ශක්තිය මිත්‍යා දෘෂ්ටිකභාවය පිටු දැකීම දරුවන් සමග ගැවසීමට වැඩිපුර ඉඩකඩ හම්බෙන දවසක්. කේන්තියෙන් තීරණ ගන්න එපා. අද ඔබගේ පෙනුම ප්‍රසන්න ලෙස පවත්වා ගන්න. ජලයෙන් විපත් ඇති වෙන්න පුළුවන්. සොර සතුරු පීඩා ඇතිවිය හැකියි. සෞඛ්‍ය පීඩා මතු වුවොත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න.
ජය වර්ණය: ලා රතු පැහැය ජය අංකය: 03

ගෙවල් දොරවල්, යාන වාහන, සමාජ සේවා තනතුරු ලැබීමේ භාග්‍ය හිමි වෙනවා. අන් අයට ආදර්ශමත් ලෙස ඔබ හැසිරෙනවා. වංචාව පිටු දකින අය. ප්‍රඥාවට දක්ෂ අය. කැපී පෙනෙන පුද්ගලයෙක් බවට ඔබ පත් වෙනවා. නිවැරදි දේ නිවැරදි ලෙස කිරීමේ මනා ඉවක් ඔබට ඇති වෙනවා. කෞතුක දේවල් ලැබෙනවා.
ජය වර්ණය: තද ගුරු පැහැය ජය අංකය: 02

මනා ධාරණ ශක්තියක් ඇති අය. ඕනෑම දුකකට ඔරොත්තු දීමේ ශක්තිය ඇති අය. ශක්තිමත් ආත්ම විශ්වාසයක් ඇති අය. ගෙවල් දොරවල්, ඉඩකඩම්, යානවාහන සම්බන්ධයෙන් යම් ප්‍රතිසංස්කරණ කටයුතු ඒවා වැඩි දියුණු කිරීමේ කටයුතු වලට දක්ෂයි.
ජය වර්ණය: නිල් පැහැය ජය අංකය: 01

අප්‍රමාදව කටයුතු කරනවා. ආගමානුකුලව කටයුතු කරන්න. විදේශගත වෙන්න, ඒ සම්බන්ධයෙන් ලිපිලේඛන භාර දෙන්න, සැලසුම් කරන්න සුභයි. ස්වයං ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සුභ දිනයක්.
ජය වර්ණය: ලානිල් පැහැය ජය අංකය: 09

ගංගා, ඇලදොළ, මුහුදේ ස්නානය, විදුලිය, වන ලැහැබ්, සුරතල් සතුන් නොවන අය සමග ගැවසීම ඉතා අසුභයි. ප්‍රිය සම්භාෂණ වලට සහභාගී වෙනවා. රෝග පිඩා වලට නිවැරදි ප්‍රතිකාර කරන්න. වගකීම් මනා ලෙස ඉටු කරන්න හැකි වෙනවා.
ජය වර්ණය: ලා ගුරු පැහැය ජය අංකය: 08
ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : ලක්ෂ්මන් යූ. ලියනගේ
දුරකථන අංකය: 011 50 10 829