News Line| Off Air
Generic placeholder image

Dec
14

ගිය අවුරුද්දේ ගෝල් ෆේස් එකේ හදපු නත්තල් ගහ මේ අවුරුදේ ගිනස් වාර්තා පොතට යයි.

774 Views


ගිය අවුරුද්දේ ගෝල් ෆේස් එකේ හදපු නත්තල් ගහ මේ අවුරුදේ ගිනස් වාර්තා පොතට යයි.

දෙසැම්බර් මාසේ කියන්නේ ලෝකය පුරාම ඉන්න කිතුනු බැතිමතුන්ට ගොඩක් වැදගත් මාසයක්. ඒ නත්තල සමරණ නිසා. නත්තලට හැම ගෙදරකම හැදෙන දේවල් වලින් එකක් තමයි නත්තල් ගහ කියන්නේ. මේ නත්තල් ගහත් ගිනස් පොතට අරගෙන යන්න දරපු උත්සහයක් අපට ගිය අවුරුද්දේ අහන්න ලැබුණා.

ගිය අවුරුද්දේ නත්තලට කොළඹ ගෝල් ෆේස් පිටියේ හදපු නත්තල් ගහ ඔබට මතකයි නේද ? ඒ නත්තල් ගහ හැදුවේ ලෝක වාර්තාවක් තියන්න. මේ ගහේ උස වුනේ මීටර් 72.1 ක්. ඉතින් ඔන්න මේ අවුරද්ද වෙනකොට ඒකේ ප්‍රථිපලය ඇවිත්. ඒ කියන්නේ ලෝකේ උසම නත්තල් ගහ විදිහට මේ නත්තල් ගහ, ලෝක ගිනස් වාර්තා කමිටුව සනාථ කරලා තියෙනවා.

මිට කලින් උසම නත්තල් ගහ විදිහට වාර්තාවක් තියල තිබුනේ මීටර් 55 ක් උස නත්තල් ගහක්. ඒ 2015 අවුරුද්දේ.

 


News Articles
Latest Videos
Most Popular Post