News Line| Off Air
Generic placeholder image

Dec
14

කෝලිගේ විවාහයට සුභ පැතූ නිසා ලංකාවේ තරුණියක් ICC යේ රෙදි ගලවයි.

4839 Views


කෝලිගේ විවාහයට සුභ පැතූ නිසා ලංකාවේ තරුණියක් ICC යේ රෙදි ගලවයි.

විරාත් කෝලි සහ අනුෂ්කා ෂර්මාගේ විවාහය ගැන මුළු ලෝකයම කතා කරා. ඉන්දීය මාධ්‍ය තමන්ගේ ගුවන් කාලයේ වැඩි ඉඩක් කෝලිගේ විවාහය ගැන කතා කරන්න වෙන් කරලා තිබ්බා. එ් වගේම කවදත් ඉන්දියාවේ පදයට නටන ICC යත් කෝලිගේ විවාහයට සුභ පතලා තිබ්බා.

ICC ය කෝලිට සුභ පතලා Twitter පණිවිඩයකුත් තියලා තිබ්බා. හැබැයි වෙනත් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ විවාහ උත්සව වලට නම් ICC ය මේ විදියට සුභ පතලා තිබ්බේ නෑ. මේ ගැන ලංකාවේ තරුණියක් කෙලින්ම ICC ට චෝදනා කරලා තිබ්බා. ICC ය කෝලිට සුභ පතපු ට්විට්ර් පණිවිඩයටම Reply කරපු අැය අහලා තිබ්බේ ICCය විවාහ වලටත් සුභ පතන්න පටන් අරන්ද කියලා. අනිත් ක්‍රීඩකයින්ටත් ICC ය මේ විදියට සුභ පතනවාද කියලා අැය ප්‍රශ්න කරලා තිබ්බා. මේ තියෙන්නේ එ් Twitter සටහන.


News Articles
Latest Videos
Most Popular Post