News Line| Off Air
Generic placeholder image

Dec
15

සාමාන්‍ය පෙළ විභාගය ඉවර වෙන්නත් කලින් ප්‍රතිඵල එන දවස නිකුත් කරයි.

3659 Views


සාමාන්‍ය පෙළ විභාගය ඉවර වෙන්නත් කලින් ප්‍රතිඵල එන දවස නිකුත් කරයි.

ලංකාවේ පාසල් ශිෂ්‍යයෙක්ගේ ජිවිතයේ ප්‍රධාන කඩයිම් 3 ක් තියෙනවා. එ් තමයි 5 වසර ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙළ විභාගය සහ උසස් පෙළ විභාගය. එ් අතරිනුත් සාමාන්‍ය පෙළ විභාගයට විශේෂ තැනක් හිමි වෙනවා. උසස් අධ්‍යාපනය හදාරන්න සුදුසුකම් ලබන්නේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිසා.

මේ දවස්වල සාමාන්‍ය පෙළ විභාගය පැවැත් වෙනවා. සාමාන්‍යයෙන් ලබන අවුරුද්දේ අප්‍රේල් වෙද්දි තමයි සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන්නේ. එ්ත් මේ පාර සාමාන්‍ය පෙළ විභාගය ඉවර වෙන්නත් කලින් ප්‍රතිඵල නිකුත් කරන දවස විභාග දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කරා. ලබනඅවුරුද්දේ මාර්තු 18 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුක් කරනවාලු.

මේ සැරේ නව සහ පැරණි විෂය නිර්දේශ දෙකේම උත්තර පත්‍ර බලන්න ඕන නිසා ටිකක් කල් යනවා කියලයි විභාග දෙපාර්තුමේන්තුව කියන්නේ. මේ අවුරුද්දේ පාසල් අයදුම්කරුවන් 4,29,493 ක් සාමාන්‍ය පෙළ විභාගයට අයදුම් කරලා තියෙනවා. පෞද්ගලික අයදුම්කරුවන් 2,59,080 ක් අයදුම් කරලා තියෙනවා.

 


News Articles
Latest Videos
Most Popular Post