ලංකාවේ නම ලෝකයට ගෙනියන නිහතමානීම ශ්‍රී ලාංකිකයා තමයි ඩිලන්ත මාලගමුව. එ් ගැන අායේ කතා දෙකක් නෑ. පහුගියදා තිබ්බ ලෝක ශූරතා ලැම්බෝගිනි තරඟාවලියේ තුන්වෙනි තැන දිනා ගන්න ඔහුට පුළුවන් වුනා. ඔහුට ශූරතාවය අහිමි වුනේ කෙස් ගහෙන්. එ් වෙනත් මොටර් රථ දෙකක් ධාවන පතයේදී අනතුරට පත්වුන නිසා.
පහුගියදා ඩිලන්ත මාධ්‍ය හමුවක් තිබ්බා. එ් ලෝක ශූරතා තරඟ අත්දැකීම් විස්තර කරන්න වගේම ඩිලන්තගේ ඉදිරි තරඟ සැලසුම් ගැන කියන්න. ඩිලන්ත ලෝක ශූරතා ලැම්බෝගිනි තරඟාවලිය ගැන කිව්වේ මෙහෙම “රේස් එකේ අවසන් වටයට පෙර වටය වෙද්දී මම දෙවෙනි තැන හිටියේ. නමුත් මට පිටුපසින් තිබුණු රථයක් හැප්පුණ නිසා තරඟය නවත්වන්න තරඟ කළමණාකාරීත්වය තීරණය කලා. තරඟ නීති රීති වලට අනුව තරඟයක් නැවැත්තුවම ඊට කලින් වටය තරඟකරුවන් නිමාකරපු පිළිවෙල අනුව තමයි අවසන් ප්‍රතිඵල තීරණය කරන්නේ. රේස් එක විනාඩි 6 කට කලින් ඉවර වුන එක ගැන කනගාටුවක් තියෙනවා. නමුත් තුන්වෙනි තැන හරි ලබා ගත්ත එක ලොකු දෙයක්.”
කොහොම වුනත් ලබන වසරේ ශූරතාවය දිනා ගන්නවා කියලා ඩිලන්ත කියනවා. ඔහුට එ් ජයග්‍රහණය අනිවාර්යෙන්ම ලබා ගන්න පුළුවන් බව නම් ස්ථීරයි.