News Line| Off Air
Generic placeholder image

Dec
15

පන්දුවාර 10 ක්‍රිකට් වංශකතාව ඇරඹේ. ආරම්භයේදීම සහිඩ් අෆ්රිඩිගෙන් අමරණීය වාර්තාවක්.

1541 Views

පන්දුවාර 10 ක්‍රිකට් වංශකතාව ඇරඹේ. ආරම්භයේදීම සහිඩ් අෆ්රිඩිගෙන් අමරණීය වාර්තාවක්.

ලෝකයේ අධිවේගීම ක්‍රිකට් තරඟාවලිය ඊයේ අාරම්භ වුනා. එ් T10 ක්‍රිකට් තරඟාවලිය. පළවෙනි T10 තරඟය පැවැත්වුනේ Bengal Tigers සහ Kerala Kigns අතර. මුලින් පන්දුවට පහර දුන්න Bengal Tigers කණ්ඩායම ලකුණු 86 ක් රැස් කරා. ෆ්ලෙචර් නොදැවී ලකුණු 32 යි. එ් 4 පහර 3 ක් සහ හයේ පහරක් සමඟින්. චාර්ල්ස් 4 පහර 4 ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 33 යි. මිලර් ලකුණු 17 යි. වහබ් රියාස් එක් කඩුල්ලක් දවා ගත්තා.

ලකුණු 86 ක ඉලක්කයක් හඹා ගිය Kerala Kigns කණ්ඩායම පන්දුවාර 8 ක් වෙද්දී ඉලක්කය සම්පූර්ණ කරා. අධිවේගී පන්දු යැවීමක නිරතවුණ Stirling නොදැවී ලකුණු 66 ක් රැස් කරා. එ් 4 පහර 10 ක් සහ දැවැන්ත 6 පහර 3 ක් එක්ක. මෝගන් සහ පොලාඩ් ලකුණු 11 බැගින් රැස් කරා. පළවෙනි තරඟයේ වීරයා වුනේ Stirling.

දෙවෙනි තරඟය පැවැත්වුනේ Pakhthoons සහ Maratha Arabians කණ්ඩායම අතර. Pakhthoons කණ්ඩායම පන්දුවාර 10 අවසානයේ ලකුණු 121 ක් රැස් කරා. එ් සදහා ඔවුන්ට වැය වුනේ කඩුලු 4 ක් විතරයි. ඩව්සන් අධිවේගී ලකුණු 44 ක් රැස් කරා. එ් 6 පහර 4 ක් සහ 4 පහර 3 ක් එක්ක. ෆාකර් සාමාන් නොදැවී ලකුණු 45 යි. ඔහුගේ ඉනිමට 4 පහර 3 ක් සහ 6 පහර 3 ක් අැතුලත් වුණා. ඉමාඩ් වසීම් Pakhthoons කණ්ඩායමේ කඩුලු 2 ක් බිද දැම්මා.

ලකුණු 121 ක ඉලක්කයක් හඹා ගිය Maratha Arabians කණ්ඩායමට ෂහීඩ් අෆ්‍රිඩීගේ පන්දුවෙන් ගැලවෙන්න බැරි වුණා. අෆ්‍රීඩී කඩුලු ත්‍රිත්වයක් ලබා ගන්න සමත් වුණා. T10 තරඟ ඉතිහාසයේ පළවෙනි කඩුලු ත්‍රිත්වය විදියටයි එ්ක සටහන් වුනේ. Maratha Arabians කණ්ඩායම ජයග්‍රහණයට ගෙනියන්න හුදකලා සටනක් කල හාල්ස් නොදැවී අධිවේගී ලකුණු 57 ක් ලබා ගත්තා. එ් 6 පහර 4 ක සහ 4 පහර 5 ක් එක්ක. අනිත් කිසිම පිතිකරුවෙන්ට සාර්ථක වෙන්න අවස්තාව ලැබුනේ නෑ. අෆ්‍රිඩී කඩුලු 3 ක් දවා ගත්තා. මොහොමඩ් ඉර්ෆාන් සහ සොහයිල් ඛාන් කඩුලු 2 බැගින් දවා ගත්තා.

ලකුණු 86 ක ඉලක්කයක් හඹා ගිය Kerala Kigns කණ්ඩායම පන්දුවාර 8 ක් වෙද්දී ඉලක්කය සම්පූර්ණ කරා. අධිවේගී පන්දු යැවීමක නිරතවුණ Stirling නොදැවී ලකුණු 66 ක් රැස් කරා. එ් 4 පහර 10 ක් සහ දැවැන්ත 6 පහර 3 ක් එක්ක. මෝගන් සහ පොලාඩ් ලකුණු 11 බැගින් රැස් කරා. පළවෙනි තරඟයේ වීරයා වුනේ Stirling.

News Articles
Latest Videos
Most Popular Post