News Line| Off Air
Generic placeholder image

Dec
16

අද එක ලග්නයකට ප්‍රේම සබදතා වලින් සිත් තැවුල් ඇති වෙනවා. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

819 Views


අද එක ලග්නයකට ප්‍රේම සබදතා වලින් සිත් තැවුල් ඇති වෙනවා. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

අද 2017 දෙසැම්බර් මාසයේ 16 සෙනසුරදා

රාහු කාලය පෙ.ව 09.10 සිට 10.38

සුභ දිශාවඋතුර

මරු සිටින දිශාව නැගෙනහිර

 

 

 

 

මේෂ ලග්නය

විශ්වාසය බිද වැටීම බලාපොරොත්තු කඩ වීම නිසා සිත් තැවුලක් කණගාටුවක් ඇතිවිය හැකි බැවින් ආරක්ෂාකාරී වන්න. ගමන් බිමන් රාත්‍රී ගමන් සුදුසු නොවේ. ජලයෙන් අනතුරු සහිතයි. තුනටිය දණහිස අමාරු ඇති අය ආරක්ෂාකාරී විය යුතුයි. දුර දිග නොබලා ගන්නා තීරණ නිසා ඔබට හිත කලබල සහිතයි. වාද විවාද වලට යාමෙන් වලකින්න. වැඩිහිටි උපදෙස් අනුගමනය කරන්න. අධ්‍යාපනයට සුභයි.

ජය වර්ණය රන්වන් පැහැය                       ජය අංකය 05

වෘෂභ ලග්නය

හිංසා පිඩා ආදියෙන් නිදහස් වීමටත් ශරීරයෙන් සනීප ඇති වීමටත් ආර්ථික ශක්තිය ඇතිකර දීමටත් හේතු වෙනවා. පසුගිය දිනවල තිබුණු පීඩනයෙන් නිදහස් වීමට සුභ දිනයක්. යානවාහන ගනුදෙනුවකට සුදානමින් සිටියානම් එයට ප්‍රමාද වෙන්න එපා. නඩුහබ ඇති අයට ඒවායින් නිදහස් වීමට හැකියාව ලැබෙනවා. ප්‍රඥාවෙන් කටයුතු කරන්න.

ජය වර්ණය රතු පැහැය                 ජය අංකය 03

මිථුන ලග්නය

මිල මුදල් අතින් අගහිගකම් ලැබුණානම් ඒවා සපුරා ගැනීමට ගෙදර දොර වාසනාවන්ත වීමට හේතුවන දවසක්. නොසිතු ආකාරයේ ගමන් බිමන් නිසා කරගෙන යන වැඩ කටයුතු වලට බාධා මතු නොවන ආකාරයෙන් කටයුතු කිරීමට වග බලා ගන්න. අනවශ්‍ය ගමන් බිමන් වලින් වලකින්න. දුර ගමන් බිමන් වලට ලැබෙන ආරාධනා පිළිගන්න එපා. ලෙඩ රෝග ඇති අය වෛද්‍ය උපදෙස් පිළිපදින්න. තැනට සුදුසු නුවණින් කටයුතු කරන්න. ප්‍රඥාවෙන් කටයුතු කරන්න. වැඩිහිටි උපදෙස් පිළිපදින්න.

ජය වර්ණය ක්‍රීම් පැහැය                ජය අංකය 02

 

කටක ලග්නය

ප්‍රේම සබදතා වලින් සිත් තැවුල් ඇති වීමට ප්‍රීතිය සතුට යටපත් වීමට හේතු වෙනවා. විනෝද ගමන් යනවා. ආත්ම ගෞරවයට හානි නොවන අන්දමින් කටයුතු කරන්න. සියලු බාධක ජය ගනිමින් කටයුතු කරන්න. ගෙදර දොර අලංකාර කිරීමට යොමු වෙනවා. දවස ප්‍රීතිය පවත්වා ගැනීමට හැකියාව ලැබෙනවා. අඹු සැමියන් අතර ඇති ප්‍රශ්න විසදා ගැනීමට හැකියාව ලැබෙනවා.

ජය වර්ණය නිල් පැහැය                           ජය අංකය 01

සිංහ ලග්නය

බාධා යටපත් වෙනවා. මවගෙන් මව්පස ඥාතීන්ගෙන් උපකාර ලැබෙනවා. නිවසට අමුත්තන් පැමිණෙනවා. විනෝද වීමට කටයුතු සැලසෙනවා. සමාජයේ පිළිගැනීමක් ලැබීමට ප්‍රශංසා හිමි වීමට ඉඩ තිබෙනවා. අලුත් ඇදුම් පැළදුම් ආභරණ ලැබීමටත් හේතු වෙනවා. නොසිතු ආකාරයේ වියදම් ඇති වෙනවා. නිහතමානී බව ලද දෙයින් සතුටු වීම ඔබට අද දවස සතුට සැනසීම උදා කරාවි.

ජය වර්ණය රන්වන් පැහැය                       ජය අංකය 03

කන්‍යා ලග්නය

ශරීර සනීපය යහපත් වීම අදායම් මාර්ගය පිළිබද වෙහෙසවිම සහෝදරයන් සමග ගණුදෙනු කිරීමේදී සිත් අමනාපකම් ඇති වීමට හේතු වෙනවා. උසස් නිලතල දරන අයෙකු සමග ගණුදෙනු කිරීමට සුභයි. තැනට සුදුසු නුවණින් කටයුතු කරන්න. කාන්තාවන් ඇසුරේදී කල්පනාකාරී වෙන්න. සෙම් සහිත අසනීප වලින් ප්‍රවේසම් වන්න. ආදායම් යහපත් වෙනවා. ආගමනුකුල කටයුතු වලට සිත යොමු වෙනවා.

ජය වර්ණය කොළ පැහැය                         ජය අංකය 09

 

තුලා ලග්නය

කතාව නිසා ලාභ ප්‍රොයෝජන ලැබෙනවා. කාන්තාවන්ගෙන් උපකාර ලැබෙනවා. අන් අයගේ ප්‍රසාදයට ලක් වෙනවා. උගත් අය ප්‍රභූන් හමු වීමට ඉතාම හොදයි. ඔබගේ සතුටට සැනසීමට බාධා නවන ආකාරයට දුර දක්නා නුවණින් කටයුතු කරන්න. ඉවසීමෙන් කටයුතු කරන්න.

ජය වර්ණය සුදු පැහැය                 ජය අංකය 01

 

 

වෘශ්චික ලග්නය

 

සත්ව කරුණාව නොඅඩුව ලැබෙන දවසක්. යහපත් සිතුවිලි ඇති වෙනවා. ඔබ විසින් කරන අනුකම්පාව ඔබට කරදරයක් නොවීමට වගබලා ගන්න. දැහැමි සිතුවිලි පහල වෙනවා. ඉවසීම දුර දක්නා නුවණ වැඩිහිටි උපදෙස් පිළිපැදීම අද දවස වාසනාවන්ත වේවි.

ජය වර්ණය රෝස පැහැය             ජය අංකය 05

 

 

ධනු ලග්නය

කීපවරක් සිත බලා කටයුතු කලයුතු දිනයක්. ඔබට සිත් තැවුල් ඇතිවිය හැකියි. ඥාතීන් සමග ගණුදෙනු කිරීමේදී ප්‍රවේසම් වන්න. අනතුරු වලින් ආරක්ෂා වන්න. වැඩිහිටි උපදෙස් පිළිපදින්න. නැතිවීමක් හෝ අලාභයක් ඇතිවිය හැකියි. උපේක්ෂා සහගතව දිනයට මුහුණ දිය යුතුයි. හිත පාලනය කරගත යුතුයි.

ජය වර්ණය රෝස පැහැය              ජය අංකය 03

 

 

මකර ලග්නය

නිරායාසයෙන් සතුට ලගා වෙනවා. නොයෙක් ආකාරයේ ලාභ ප්‍රයෝජන හිමි වේවි. දෙමාපියන්ට ඇප උපස්ථාන කරන්න. අධ්‍යාපනයේ යෙදෙන අයට සුභයි. ව්‍යාපාර ආරම්භ කිරීමට සුභ දිනයක්.

ජය වර්ණය ක්‍රීම් පැහැය                ජය අංකය 02

 

 

කුම්භ ලග්නය

උදාර ගති පැවතුම් ඇති දවසක්. හැමෝගෙම හිතවත්කම හිමි වෙනවා. අන් අයගෙන් ලැබීමට ඇති ණය මුදලක් හෝ ඔබගේ අයිතිවාසිකම් හිමි වෙනවා. ඔබගේ ආර්ථික ශක්තිය වර්ධනය වෙනවා. ගමන් බිමන් වලදී කල්‍යාණ මිතුරන් ආශ්‍රයට ලැබෙනවා. ඔබ පිටස්තර අය ඇසුරු කිරීමෙන් උපකාර ලැබෙනවා. ශරීර සෞඛ්‍ය යහපත් වෙනවා. ආගමික කටයුතු කෙරෙහි සිත යොමු වෙනවා.

ජය වර්ණය නිල් පැහැය                ජය අංකය 01

 

 

මීන ලග්නය

සිතේ සැනසීමට බාධාවන අන්දමේ කටයුතු සිදු වෙනවා. ඔබට සිත් තැවුලක් කණගාටුවක් ඇති වෙනවා. ඔබ නොසිතු ආකාරයේ අසනීප ගතියක් ඇති වෙනවා. තැනට සුදුසු ලෙසින් කටයුතු කරන්න. ඉවසීමෙන් කටයුතු කරන්න.

ජය වර්ණය නිල් පැහැය               ජය අංකය 08

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : වයි. එම්.කේ. යාපා බණ්ඩාර

දුරකථන අංකය: 0777 448 644


News Articles
Latest Videos
Most Popular Post