News Line| Off Air
Generic placeholder image

Dec
16

හෙට තරඟය දිනුවොත් ලංකාවට වෙන දේ මෙන්න.

2272 Views


හෙට තරඟය දිනුවොත් ලංකාවට වෙන දේ මෙන්න.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් එක්දින තරඟය හෙට පැවැත්වෙනවා. එ් විසාඛාපට්ටනම් ක්‍රීඩාංගනයේදී. දිවා රාත්‍රී තරඟයක් විදියට පවත්වන තරඟය ලංකාවේ වෙලාවෙන් පස්වරු 1 ට අාරම්බ වෙනවා. මේ වෙද්දී කණ්ඩායම් 2 ම 1 – 1ක විදියට සම තත්වයේ ඉන්නේ. එ් නිසා හෙට තරඟය දෙපිලටම ඉතාම වැදගත්.

පළවෙනි තරඟයේදී ඉන්දියාවට අමතක නොවන පරාජයක් ලංකාව ලබා දුන්නා. එ්කේ පලිය දෙවෙනි තරඟයේදී ඉන්දියාව අර ගත්තා. එ් නිසා හෙට තරඟය තවත් තීරණාත්මක වෙනවා. ලංකාව 1997 න් පස්සේ ඉන්දියාවේදී එක්දින තරඟාවලියක් දිනලා නෑ. එ් නිසා හෙට තරඟය ලංකාව දින්නොත් ඉතිහාසගත වෙනවා.

පළවෙනි තරඟ දෙක තිබ්බ ධර්මසාලා සහ මොහාලි වලට වඩා වෙනස්ම කාලගුණයක් තමයි විසාඛාපට්ටනම් වල තියෙන්නේ. ලංකාවේ එක් වෙනස්කමක් ගැන වටින් පිටින් කතා වෙනවා. දිගටම අසාර්ථක වුන තිරිමාන්නට හෙට තරඟයේදී තැනක් නැති වෙයි කියලයි ගොඩක් අය කියන්නේ. එහෙම වුනොතින් කුසල් ජනිත්ට අවස්ථාවක් ලැබෙන්න ලොකු ඉඩක් තියෙනවා. කුසල් සංචිතයේ හිටියත් පළෙවෙනි තරඟ 2 ටම සහභාගී කර ගත්තේ නෑ. හෙට කුසල් ක්‍රීඩා කලොත් තරංග 3 වෙනි තැනට වැටෙන්නත් පුළුවන්.

කොහොම වුනත් දෙවෙනි තරඟයේ දැවැන්ත ප්‍රහාරය නිසා ඉන්දීය ක්‍රීඩකයින් ඉන්නේ ජයග්‍රාහී මානසිකත්වයකින්. එ් නිසා ලංකාවට හෙට තරඟය ලේසි වෙන එකක් නෑ. කොහොම වුනක් පළවෙනි තරඟ දෙකේදීම ලංකාව දක්ෂ ක්‍රීඩා විලාසයක් පෙන්නුවා. එ් නිසා හෙට තරඟයත් ඔවුන්ට ජයග්‍රහණය කරන්න පුළුවන්කම තියෙනවා. අපි බලමු තිසර පෙරේරාට පුළුවන් වෙයිද කියලා හෙට ලංකාවේ ක්‍රිකට් ගමන් මඟ වෙනස් කරන්න.


News Articles
Latest Videos
Most Popular Post