News Line| Off Air
Generic placeholder image

Dec
17

අද ලග්න තුනකට සිත් තැවුල් ඇතිවිය හැකි දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

630 Views


අද ලග්න තුනකට සිත් තැවුල් ඇතිවිය හැකි දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2017දෙසැම්බර් මාසයේ 17 ඉරිදා

රාහු කාලය පෙ.ව 04.30 සිට 05.58

සුභ දිශාව: දකුණ

මරු සිටින දිශාව: උතුර

 

 

 

 

මේෂ ලග්නය

ගෙදරදොර කටයුතු වලට උනන්දුවක් ඇතිවන දවසක්. ඔබගේ ක්‍රියශුරත්වය වැඩියෙන් පෙන්වන දවසක්. ණය මුදල් පියවා ගැනීමට අවස්ථාව ලැබුනත් අපහසුතාවයන් මැද කටයුතු කිරීමට සිදු වේවි. හැගීම් පාලනය කරගනිමින් කටයුතු කිරීමට වගබලා ගන්න. මංගල යෝග උදා වෙනවා. අලුත් දේවල් ඉගෙනීමට සුභයි. උගත් අය ඇසුරට සුභයි. ඔබගේ ඉවසීම නිහතමානිකම නිසා දවස වාසනාවන්ත වේවි.

ජය වර්ණය: තැඹිලි පැහැය                         ජය අංකය: 09

වෘෂභ ලග්නය

සිත් තැවුල් ඇතිවන දෑ සිදු වීමට ඉඩ තිබෙනවා. දෙමාපියන්ට කළගුණ සලකනවා. දෝෂ යටපත් වෙනවා. විදේශ ගමන් ප්‍රමාද විය හැකියි. ක්‍රිඩා කුසලතා අධ්‍යාපන කටයුතු වර්ධනය කර ගැනීමට වැටීම් තැලීම් හදිසි අනතුරු ආදියෙන් ආරක්ෂා වීමටත් වගබලා ගන්න. ආත්ම ශක්තිය ඇති වෙනවා.

ජය වර්ණය: රන්වන් පැහැය                       ජය අංකය: 06

මිථුන ලග්නය

යම් තරමකින් හෝ ආර්ථිකය වැඩි කර ගැනීමට හැකියාව ලැබෙනවා. සිත් තැවුල් මතු වීමට සෙම් දෝෂ මතු වීමට හේතු විය හැකි බැවින් වෛද්‍ය උපදෙස් ලබා ගන්න. නොතේරුම්කමින් අඹු සැමි ගැටළු මතුවිය හැකියි. ඉවසීමෙන් කටයුතු කල යුතුයි. නීති ප්‍රශ්න ඇති අය කල් දමා ගැනීමට කටයුතු කරන්න. ලද දෙයින් සතුටු වෙන්න. ඔබගේ වටිනා බඩු භාණ්ඩ අස්ථාන ගත විය හැකි බැවින් කල්පනාකාරී වෙන්න. තැනට සුදුසු නුවණ යොදා ගෙන කටයුතු කරන්න.

ජය වර්ණය: කොළ පැහැය                                   ජය අංකය: 05

 

කටක ලග්නය

ආදර බන්ධන නිසා සිත් තැවුල් ඇතිවිය හැකියි. ඔබගේ දූදරුවන් පිලිබදව සැලකිලිමත් විය යුතුයි. ආවේගශීලි බව පාලනය කරගන්න. ශක්තියක් ආරක්ෂාවක් ලබා දීමට කටයුතු කරන්න. අසනීපයෙන් සිටින අය සුව වෙන දිනයක්. රැකියා ව්‍යාපර සාර්ථක වෙනවා. ඉවසීමෙන් ලද දෙයින් සතුටු වී කටයුතු කරන්න.

ජය වර්ණය: රතු පැහැය                            ජය අංකය: 09

සිංහ ලග්නය

කරදර සිත් තැවුල් පීඩා ඇතිවිය හැකි බැවින් ආරක්ෂාකාරී වෙන්න. ප්‍රමාද වූ යම් දෙයක් ඉටුවන දිනයක්. ව්‍යාපාරිකයන්ට කලාකරුවන් ගැන අගය දැනෙන දවසක්. අලුත් හිත මිතුරන් හදුනා ගැනීමට අවස්ථාව හිමි වෙනවා. සේවකයින්ගේ හොද හිත ලැබීමට හේතුවන දවසක්. ඔබගේ ඉක්මන් කෝපය, හදිසි තීරණ, ආවේගශීලි ගතිය ඉවසීම අඩු ගතිය නිසා කල්පනාකාරී විය යුතුමයි. තැනට සුදුසු නුවණින් කටයුතු කරන්න. වියදම් පාර්ශවය වැඩි වේවි.

ජය වර්ණය: රන්වන් පැහැය                        ජය අංකය: 01

කන්‍යා ලග්නය

සතුරු බලවේග යටපත් කර ගැනීමට හැකියාව ලැබෙනවා. හිතවතුන්ගේ උපකාර ලැබෙනවා. රැකියා කටයුතු කලට වෙලාවට ඉටු කිරීමට වගබලා ගන්න. ගමන් බිමන් වලින් නොසිතු කරදර ඇතිවිය හැකියි. අධික රුධිර පීඩනය ඇති අය කල්පනාකාරීව කටයුතු කල යුතුයි. ඔබගේ අරමුණු ඉෂ්ට කර ගැනීමට හැකියාව ලැබෙනවා. ආගමනුකුලව කටයුතු කරන්න.

ජය වර්ණය: ලා කොළ පැහැය                  ජය අංකය: 05

 

තුලා ලග්නය

වැය පක්ෂය අධික වීමට සැනසීමට බාධා ඇති වීමට හේතු වෙනවා. ඔබගේ වචනයෙහි බලයක් ඇති වෙනවා. ගමන් බිමන් වලින් ප්‍රයෝජන ලැබෙනවා. හිතට කයට සැනසිලිදායක දවසක්. වෙළද ව්‍යාපාර කරගෙන යන අයට ජයග්‍රාහී දවසක්. අලුත් වැඩ සාර්ථක වෙනවා. අධික ලාභ ලැබෙනවා. අස්ථාන චෝදනා වලින් නිදහස් වේවි. නිවසේ සමගියට බාධා ඇති වීමට හේතු වෙනවා. අගමනුකුලව කටයුතු කරන්න.

ජය වර්ණය: සුදු පැහැය                 ජය අංකය: 06

 

 

වෘශ්චික ලග්නය

 

සැනසීමට සතුටට බාධා ඇතිවන දවසක්. නොතෙරුම්කමින් ගන්නා තීරණ නිසා සිත් තැවුලක් ඇති වෙනවා. හදිසි අනතුරු වලට ලක්විය හැකි බැවින් කල්පනාකාරී වෙන්න. සෞඛ්‍ය ගැටළු මතුවිය හැකියි. දුර දක්නා නුවණින් මනා සංයමයකින් කටයුතු කරන්න. තැනට සුදුසු නුවනින් කටයුතු කරන්න. වැඩිහිටි උපදෙස් අනුව කටයුතු කරන්න.

ජය වර්ණය: රන්වන් පැහැය                       ජය අංකය: 09

 

 

ධනු ලග්නය

සිත් තැවුල් ඇති වීමට හේතුවන අතර කොන්ද අමාරු ඇති වීමට ඉඩකඩ තියෙනවා. ඥාතීන් සමග ඇසුරේදී ප්‍රවේසම් විය යුතුයි. ඔබ කරන රැකියාව කලට වෙලාවට හරියටම කරන්න. හදිසි තීන්දු තීරණ ගැනීමෙන් වලකින්න. සතුරු කරදර ඇති වේවි. දුර දක්නා නුවණින් කටයුතු කරන්න. ඔබගේවටිනා බඩු භාණ්ඩ අස්ථාන ගත විය හැකි බැවින් කල්පනාකාරී වෙන්න. වෙළද ව්‍යාපාර වලින් ජයග්‍රහණ හිමි වේවි.

ජය වර්ණය: රතු පැහැය                 ජය අංකය: 03

 

 

මකර ලග්නය

අසනීප අය සුව වෙන දිනයක්. ගෙදරදොර කටයුතු යහපත් අන්දමින් කර ගැනීමට ඉගෙන ගන්නා අයට සුභදායක වෙනවා. රැකිරක්ෂා ව්‍යාපාර කටයුතු වල දුදරුවන්ගේ කටයුතු වලත් දියුණු වේවි. ආහාරපාන මුදල් ලාභ හිත මිතුරු ඇසුර නොඅඩුව ලැබෙන දවසක්. සතුටට බාධා ඇති වීමටත් සිත් තවුල් ඇති වීමටත් නිෂ්පල වියදම් ඇති වීමටත් හේතු වෙනවා. අඹුසැමි සමගියට බාධා මත ගැටුම් මතු වීමට ඉඩකඩ තියෙනවා.

ජය වර්ණය: නිල් පැහැය               ජය අංකය: 08

 

 

කුම්භ ලග්නය

ධන ලාභ ලැබීමට කීර්ති ප්‍රශංසා ලැබීමට බලාපොරොත්තු වන අරමුණු ඉටු කර ගැනීමට හේතුවන දවසක්. හොද ආහාරපාන ලැබීමටත් කරන කටයුතු වල සාර්ථක බව ලබිමටත් පවුලේ වැඩිහිටියන් සමග සතුටු සාමිචියේ යෙදීමටත් දරුවන්ගේ සතුට වෙනුවෙන් කටයුතු කිරීමටත් හේතු වෙනවා. ආර්ථික ශක්තිය වැඩි වෙනවා. ශරීර සෞඛ්‍ය වැඩි වෙනවා. හිතන පතන දේ ඒ අයුරින්ම ඉටු වෙනවා. ඔබට වටිනාකමක් අසල්වැසියන්ගෙන් ලැබේවි. වැඩිහිටියන්ගේ උදව් උපකාර ලැබෙනවා.

ජය වර්ණය: ලා නිල්පැහැය                       ජය අංකය: 08

 

 

මීන ලග්නය

ධර්මානුකුලව කටයුතු කිරීමට දෙමාපියන්ට පිහිට වීමට උනන්දු වන්න. ඔබගේ නුවණ ඇති වීමටත් අන් අයගේ ප්‍රසාදයට ලක් වීමටත් ඔබ වාසනාවන්ත වෙනවා. කාර්යබහුල වෙනවා. යටපත් වූ වාසනා ගුණයක් ඉස්මතු වෙනවා. රහස් සතුරු කරදර මෙන්ම මානසික පීඩා ඇති වේවි. අන් අයට කැපී පෙනෙන බාධා සිත් තැවුල් ඇති විය හැකි බැවින් කල්පනාකාරී වෙන්න. ලද දෙයින් සතුටු වෙන්න.

ජය වර්ණය: රෝස පැහැය                         ජය අංකය: 03

 

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : වයි. එම්.කේ. යාපා බණ්ඩාර

දුරකථන අංකය: 077 74 48 644


News Articles
Latest Videos
Most Popular Post