News Line| Off Air
Generic placeholder image

Dec
17

ලඟ තියෙන හොර සල්ලි ඉක්මනටම මහ බැංකුවට දෙන්න. 2018 දී නීතී තද වෙයි.

3244 Views


ලඟ තියෙන හොර සල්ලි ඉක්මනටම මහ බැංකුවට දෙන්න. 2018 දී නීතී තද වෙයි.

දැන් කාලේ සල්ලි නැතුව මොකුත් කරන්න බෑ. මොකද අපේ ප්‍රධානම ගණුදෙනු මාධ්‍යය වෙන්නේ මේ මුදල් කියන ඒකකය. ඒ වුනත් සමහර අය නෝට්ටු කොල වලට කරන විකෘති කිරීම්, හානි කිරීම් නිසා කඩේකට ගියත් අපි දෙන නෝට්ටුව මුදලාලි භාර ගන්නේ නැති අවස්ථා තියෙනවා.

ඉතින් මේ විදිහට සිතා මතා විකෘති කරන ලද, හානි කරන ලද සහ වෙනස් කරන ලද මුදල් නෝට්ටු හුවමාරු කරගන්න, ශ්‍රී ලංකා මහ බැංකුව ලබා දුන් අවස්ථාව මේ මාසේ 31 වනදායීන් ඉඅවර වෙනවා. ඔබ ලඟත් ඒ විදිහේ මුදල් නෝට්ටු තියෙනවනම් බලපත්‍රලාභී වාණිජ බැංකු වලින් දෙසැම්බර් 31 වනදාට කලින් ඒ මුදල් නෝට්ටු හුවමාරු කරගන්න පුළුවන්.

ව්‍යවහාර මුදල් නෝට්ටු විකෘති කිරීම, වෙනස් කිරීම හෝ හානි කිරීම, 1949 අංක 58 දරන මුදල් නීති පනත යටතේ වරදක්. මුදල් නෝට්ටුවලට හානි කිරීම සිර ගත කිරීමකට හෝ දඩ මුදලකට යටත් කිරීම හෝ එම දඬුවම් දෙකම ලබා දිය හැකි වරදක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කල නිවේදනයේ සඳහන් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post