නිරූපණ කේෂ්ත්‍රය කියන්නේ ඉතා තරඟකාරී කේෂ්ත්‍රයක්. කාන්තාවන් වගේම පිරිමි අයත් දැන් හරි හරියට නිරූපණ කේෂ්ත්‍රය ගැන උනන්දුවක් දක්වනවා. ඉතින් මේ කේෂ්ත්‍රයේ පැවැත්වෙන තරඟ ලෝකේ පුරාම පැවැත්වෙනවා. පිරිමි අය සඳහා පැවැත්වුන තරඟයක් පහුගිය 08 වෙනිදා ඉඳන් 12 වෙනිදා වෙනකන් ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වුනා. මේ තරඟයේ නම වුනේ Best Model of the World 2017. රටවල් 174 ක් නියෝජනය කරමින් තරඟකරුවන් මේකට ඇවිත් හිටියා.
ඇවිල්ලා හිටපු තරඟකරුවන් ඔක්කොම පරද්දලා තරඟාවලියේ පලවෙනි තැන ගන්න ශ්‍රී ලංකාවේ කෙනෙක්ට අවස්ථාව ලැබුනා. ඔහු කුරුණෑගල ගලේවල ප්‍රදේශයේ පදිංචි ජනුක රාජපක්ෂ. ඒ වගේම මේ විදිහේ තරඟාවලියකින් ලංකාවේ තරුණයෙකු ජයග්‍රහණය කළ පළවෙනි අවස්ථාව තමයි මේක.
මේ තියෙන්නේ Video එක.
https://www.facebook.com/nilu.senanayake/videos/1732670823411051/
ජනුක රාජපක්ෂ ජයග්‍රහණය ලබාගැනීමෙන් පස්සේ ලංකාවට ආව අවස්ථාවේ ගුවන් තොටුපළේ ඉඳලා කුරුණෑගල දක්වාම විශේෂ පිළිගැනීම් උත්සව රැසක් සංවිධානය කරලා තිබුනා.