පොඩි කාලේ ඉඳන්ම අපිට උගන්වන්නේ මැස්සා ලෙඩ රෝග බෝකරන කෘමියෙක් කියලා. මැස්සෝ වහපු කෑම බීම කන්න බොන්න එපා කියන්නෙත් එ් නිසා. එ්ත් ඔබ හිතුවටත් වඩා මැස්සා භයානකයි කියලා දන්නවද? විද්‍යාඥයින් පිරිසක් කරපු පරීක්ෂණයකින් මේ ගැන හොයාගෙන තියෙනවා.
ගෘහාශ්‍රිතව ජීවත්වෙන මැස්සා සහ ඉහඳ මැස්සා එක්වෙලා 600 කට වඩා අධික බැක්ටීරියා ප්‍රමාණයකට රැකවරණය දෙනවා. එ් බව ඩී.එන්.එ්. විශ්ලේෂණයකින් තහවුරු වෙලා තියෙනවා. මැස්සන්ට උගේ පාද වලින් සහ පියාපක් වලින් බැක්ටීරියා ගෙනියන්න පුළුවන් කියලත් ඔප්පු වෙලා තියෙනවා.
ගෘහාශ්‍රිත මැස්සා බැක්ටීරියා වර්ග 351 ක් රැස් කරනවා. එ් වගේම උෂ්ණාධික පරිසරවල හමුවෙන ඉහඳ මැස්සා බැක්ටීරියා 316 ක් රැගෙන යනවා. එ් අතරින් බොහෝමයක් බැක්ටීරියා මේ දෙන්නාම අරගෙන යනවා. ලේසි නෑ නේද?
මීට පස්සේ කඩේකින් කෑම ගනිද්දී මැස්සන් වහලා ඉන්නවද කියලා බලන්න. එ් වගේම ගෙදර හදන කෑම මැස්සන් වහන්නේ නැති වෙන්න වහලා තියන්න. මොකද සතා කොච්චර පොඩි වුනත් ඔබේ ජීවිතයට වුනත් හානියක් කරන්න පුළුවන්.