හඳුනා නොගත් උණ රෝගයක් මේ දවස්වල මුලතිව් වල පැතිර යනවා. මේ රෝගය නිසා මේ වෙද්දි 9 දෙනෙක් මිය ගිහින්. හඳුනානොගත් උණ රෝගය ගැන පරීක්ෂණ කරන්න විශේෂඥ වෛද්‍යවරු පිරිසක් මේ වෙද්දිත් මුලතිව් රෝහලට ගිහින් තියෙනවා.
මේ උණ රෝගීන් අතර හුස්ම ගැනීමේ අපහසුව, ශ්වසන අාබාධ අැතිවෙලා තියෙන නිසා නියුමෝනියා තත්වයකුත් අැති වෙලා තියෙනවා. එ්ම රෝගීන්ගේ සෙම සාම්පල කොළඹ වෛද්‍ය පරීක්ෂණ අායතනයට යොමු කරලා. එ් වාර්තාව අාවම තමයි හරියටම මේ ලෙඩේ මොකක්ද කියලා කියන්න වෙන්නේ.
මේ දවස්වල තියෙන ශීත දේශගුණය නිසා ඉන්ෆ්ලුවන්සා වෛරසය වෙන්නත් පුළුවන් කියලා වෛද්‍යවරු සැක කරනවා. කොහොම වුනත් හරියටම තහවුරු කර ගන්නකම් එ් ගැන කියන්න බෑ. ඔබටත් උණ, හුස්ම ගැනීමේ අපහසුව වගේ රෝග ලක්ෂණ තියේ නම් ඉක්මනින්ම වෛද්‍යවරයෙක් හමුවන්න අමතක කරන්න එපා.