මේ දවස්වල ලංකාවේ කුරුමිණියෝ ගැන වැඩිපුර කතා කරනවා. එ්කට හේතුව තමයි රුසියාවට යවපු තේ බහාලුමක කුරුමිණියෙක් ඉඳලා ලංකාවේ තේ අපනයනය කරන එක රුසියාව නවත්තපු එක. මේ පොඩි කුරුමිණියෙක් නිසා ලංකාව ලොකු අමාරුවක වැටිලා ඉන්නෙ.
හැබැයි කුරුමිණයෙක් නිසාම තවත් ප්‍රශ්නයකින් ගොඩ යන්න හදන පුවතක් අපිට වාර්තා වුණා. ලංකාවේ වැව් වලට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අාක්‍රමණික ශාක වැවෙන එක. ජපන් ජබර, සැල්වීනියා නිසා ලංකාවේ ගොඩක් වැව් විනාශ වෙලා යනවා. මේකටත් අපූරු පිළියමක් හොයාගෙන තියෙනවා. එ් තමයි කුරුමිණියෝ දෙන්නෙක්. මේ කුරුමිණියෝ දෙන්නා ජබන් ජබර, සැල්වීනියා ශාක විනාශ කරනවා. මීට අවුරුදු එකහාමාරකට කලින් දිවුලන්කඩවල, නෙළුම් පොකුණ වැවේ මේ කූරුමිණියන් අත්හදා බැලුවා. ඒකෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගන්න පුළුවන් වෙලා තියෙනවා. එ් නිසා මේ කුරුමිණයන් දෙන්නා අභිජනනය කරලා ලංකාව වටේම වැව් වලට නිදහස් කරන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ.
නියෝකැටීනා අයිකෝනි සහ නියෝකැටීනා බෘෘචි කියන කුරුමිණි වර්ග දෙක තමයි හදුන්වලා දීලා තියෙන්නේ. මේ කෘමීන් අාහාරයට ගන්නේ සැල්වීනියා සහ ජපන් ජබර. එ් වගේම මේ කෘමීන් එ් ශාක කඳන් වල බිත්තර දානවා. බිත්තරවලින් එන කීටයා කඳ කමින් තමයි ජීවත් වෙන්නේ. එ් නිසා ශාකයත් නිකන්ම මැරෙනවා. සාමාන්‍යයෙන් ලංකාවේ වැව් අාශ්‍රිත අාක්‍රමණික ශාක ගොඩ දාන්න අවුරුද්දකට රුපියල් මිලියන 300 ක් විතර වියදම් කරනවා. එහෙම එකේ මේ වගේ ජෛව පලිබෝධක ක්‍රමයකින් මුදලුත් ඉතිරි වෙනවා. පරිසරයට වෙන හානියත් අඩුම වෙනවා.