News Line| Off Air
Generic placeholder image

Dec
19

නිරෝෂන් දික්වැල්ල වගකීමක් නැති, අසාර්ථක පිතිකරුවෙක්ද?

2127 Views


නිරෝෂන් දික්වැල්ල වගකීමක් නැති, අසාර්ථක පිතිකරුවෙක්ද?

දික්කා. එහෙම නැත්තම් නිරෝෂන් දික්වැල්ල කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න ප්‍රවේගකාරීම පිතිකරුවා. පිටයේදී පිත්තෙන් වගේම අනිත් පිළේ ක්‍රීඩකයන් එක්ක දාගන්න කොකුවලිනුත් එ්ක ඔහු ඔප්පු කරලා තියෙනවා. කොහොම වුනත් සාමාජ මාධ්‍ය ජාල වල ගොඩක් අය දික්වැල්ලට බනිනවා. එ් ඔහු අසාර්ථකයා, වගකීමක් නැතුව ක්‍රීඩා කරනවා, ක්ලබ් යනවා කියලා. අැත්තටම දික්වැල්ල අසාරථකද? දික්වැල්ලගේ මේ අවුරුද්දේ දක්ෂතා අරන් බැලුවොත් එ් චෝදනා පුස්සක් කියලා ඔබට තේරේවි.

2017 අවුරුද්දේ ලංකාවේ ටෙස්ට් පිතිකරුවන්ගෙන් තුන්වෙනියට වැඩිම ලකුණු ලබාගෙන තියෙන්නේ දික්වැල්ල. ඔහු මේ අවුරුද්දේ ටෙස්ට් ලකුණු 773 ක් ලබා ගෙන තියෙනවා. එ් අර්ධ ශතක 6 ක් එක්ක. මේ අවුරුද්දේ 11 වෙනියට වැඩිම ටෙස්ට් ලකුණු ලබාගෙන තියෙන්නෙත් ඔහු. ඉතිං ටෙස්ට් තරඟවල ඔහු ෆේල් කියලා කොහොමවත් කියන්න බෑ.

දික්වැල්ල මේ අවුරුද්දේ එක්දින තරඟ 26 කට සහභාගී වෙලා තියෙනවා. ඔහු ලකුණු 826 ක් ලබා ගෙන තියෙනවා. එ් ශතක 2 ක් සහ අර්ධ ශතක 4 ක් එක්ක. 2017 ලංකාවේ දෙවෙනියට වැඩිම එක්දින ලකුණු ලාභියා ඔහු. තරංගට විතරයි ඔහු දෙවෙනි වෙන්නේ. මේ අවුරුද්දේ 10 වෙනියට වැඩිම එක්දින ලකුණු රැස් කරගෙන තියෙන්නේ දික්වැල්ල. ඩිවිලියස්, මෝගන්, ෂකීබ්, පාණ්ඩ්‍යා පවා ඉන්නේ ඔහුට ගොඩක් පහලින්. තාමත් කවුරු හරි කියනවානම් ඔහු එක්දින තරඟත් ෆේල් කියලා අනිත් ක්‍රීඩකයින් ගැන කවර කතාවක්ද. අනික කඩුල්ල පිටුපස ඉඳන් ඔහු කරනා කාර්යත් සුළුවෙන් තකන්න බෑ.

විස්සයි විස්ස තරඟ වල ලංකාවේ වැඩිම ලකුණු ලාබියා ඔහු. දික්වැල්ල T20 ෆේල් කියලා කාටවත් කියන්න බෑ. විස්සයි විස්ස තරඟ 6 කදී ලකුණු 194 ක් දික්වැල්ල ලබාගෙන තියෙනවා. එ්කට එක් අරධ ශතකයකුත් අැතුලත්. ඔහුගේ ලකුණු ලබා ගැනීමේ වේගය 146.96 ක්. ඔහුට මේ අවුරුද්දේ තවත් තරඟ 3 ක් ඉතිරි වෙලා තියෙනවා. එ් තරඟ වලදීත් ඔහු සුපුරුදු දක්ෂතා දැක්වුවොත් T20 තරඟවල ත් වැඩිම ලකුණු ලාභීන් අතර පළවෙනි පස්දෙනා අතරට පහසුවෙන්ම එන්න පුළුවන්.

මේ අවුරුද්දේ තරඟ රටා තුනේම ලකුණු වල එකතුව ගත්තොත් දික්වැල්ල තමා වැඩිම ලකුණු ලාභියා. ඔහු සම්පූර්ණ ලකුණු 1,793 ක් ලබා ගෙන තියෙනවා. එ් විදියට බැලුවම මේ අවුරුද්දේ සාර්ථකම ක්‍රීඩකයා නිරෝෂන් දික්වැල්ල. එක්දින සහ ටෙස්ට් තරඟවල වැඩිම ලකුණු ලාභීන් අතර පළමු දස දෙනා අතර ඉන්න එකම ලාංකික පිතිකරුවත් ඔහු. සාමන්‍යයෙන් දික්වැල්ල කියන්නේ ටිකක් සෙල්ලක්කාර චරිතයක් තමයි. එ් වුනත් පිටිය තුලදී ඔහුගේ වගකීම අනිත් ක්‍රීඩකයන්ටත් වඩා හොදට ඔහු ඉටු කරලා තියෙනවා. එ් නිසා දික්වැල්ල අසාර්ථකයි කියලා කාටවත් කියන්න බෑ.


News Articles
Latest Videos
Most Popular Post