Football කිවුව ගමන් අපේ මතකයට එන්නේ මැරඩෝනා, පේලේ වගේ නම්. හැබැයි ලෝකේ ජනප්‍රියම ක්‍රීඩාව Football වුණාට ලංකාවේ Football වලට තාම ලොකූ තැනක් නෑ. ඒත් පී. ඩී. සිරිසේන කියන නම සමහර විට ඔබට කනින් කොනින් ඇහිලත් ඇති. ඔහු තමයි ලංකාවේ මැරඩෝනා.
අපේ රටේ Football වෙනුවෙන් ජීවිතේම කැප කරපු පී.ඩී. සිරිසේනව ලංකාවට වගේම මාලදිවයිනටත් අමරණීය ක්‍රීඩකයෙක්. මොකද ඔහු තමයි මාලදිවයිනට Football ක්‍රීඩාව හදුන්වා දුන්නේ. ඒ වගේම මාලදිවයිනේ පළමු පුහුණුකරුවත් පී. ඩී. සිරිසේනයි.
අපි මේ කතා කරන ලංකාවේ මැරඩෝනා, පී. ඩී. සිරිසේන ඊයේ ජීවිතෙන් සමුගත්තා. අද දවසේ ඔහුගේ දේහය සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජ ශ්‍රවණාගාරයේ තැන්පත් කරනවා. දේහය පිළිබද අවසන් කටයුතු හෙට සිදුකෙරෙනවා.