ලෝකයේ සමහර ක්‍රීඩා තියෙනවා හරිම භයානක. සමහර වෙලාවට එ් ක්‍රීඩා නිසා ජීවිත හානි පවා සිද්ධ වෙනවා. හැබැයි ක්‍රිකට් කියන්නේ එ් වගේ භයානක ක්‍රීඩාවක් නෙවෙයි. ඉඳලා හිටලා පන්දුවක් වැදිලා සුළු අාබාධයකට ලක්වුනොත් මිසක දරුණු හානි වෙන්නේ. නෑ. හැබැයි පහුගිය කාලයේ ක්‍රිකට් තරඟයක් අතරතුරදී සිද්ධ වුණ මරණ කිහිපයක් වාර්තා වුනා. එ් අතරින් වඩාත්ම කතා බහට ලක්වුනේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ෆිල් හියුස්ගේ මරණය. පන්දුවට පහර දෙමින් හිටිය ඔහු බවුන්සර් පන්දුවක් හිසේ වැදිලා මිය ගියා.
එ් වගේ තමවත් කණගාටුදායක පුවතක් වාර්තා වුණා. එ් ඉන්දීය ක්‍රීඩකයෙක් පන්දු යවමින් ඉන්න අතරතුර මිය ගිය පුවතක්. වයස අවුරුදු 20 ක් වුන මේ ක්‍රීඩකයා ඊයේ පැවති තරඟයක් අතරතුරදී මිය ගිහින් තියෙනවා. පද්මනාබ් නම් මේ ක්‍රීඩකයා පන්දු යවමින් ඉන්න අතරතුර එකවරම අැදගෙන වැටෙනවා. ඔහුව ඉක්මනට රෝහල්ගත කරත් ජීවිතය බේර ගන්න හැකියාවක් ලැබිලා නෑ.
හෘදයාබාධයක් නිසා තමයි මේ ක්‍රීඩකයා මිය ගිහින් තියෙන්නේ. ඔහු අැදගෙනවැටෙනා වීඩියෝව මාධ්‍යට නිකුත් වෙලා තියෙනවා. මේ තියෙන්නේ එ් වීඩියෝව.