අවසන් වුන ඉන්දු – ලංකා එකදින තරඟාවලියෙන් පස්සේ ICC ය අලුත්ම එක්දින ශ්‍රේණිගත කිරීම් නිකුත් කරලා තියෙනවා. කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල නම් කිසිම වෙනසක් වෙලා නෑ. ලංකාව තාමත් බංගලාදේශයට පහළින් 8 වෙනි තැන ඉන්නවා. ලංකාව 3 – 0 විදියට පරද්දලා ඉන්දියාව 1 වෙන්න හිතාගෙන හිටියේ. එ්ත් පළවෙනි තරඟයේ ලබපු දැවැන්ත පරාජය නිසා එ් සැලැස්ම හරි ගියේ නෑ. එ් නිසා තාමත් ඉන්දියාව දෙවෙනි තැන ඉන්නෙ.
ඉන්දියානු තරඟාවලියේ පිත්තෙන් දස්කම් දක්වපු මැතිව්ස්ට, තරංගට සහ දික්වැල්ලට උසස්වීම් දෙන්න ICC ය කටයුතු කරලා තියෙනවා. කලින් 27 වෙනි තැන හිටිය මැතිව්ස් දැන් ඉන්නේ 25 වෙනි තැන. ඉන්දියානු සංචාරයේදී ලංකාවේ නම්බුව බේරා ගත්තේ තරංග. එ් නිසා එක්දින ශ්‍රේණිගත කිරීම් වල ස්ථාන 16 ක් උඩට එන්න තරංගට පුළුවන් වෙලා තියෙනවා. ඔහුගේ අලුත්ම ස්ථානය තමයි 36.
44 හිටිය දික්වැල්ල 37 ට අැවිත් තියෙනවා. දිගටම අසාර්ථක වුන තිරිමාන්නට 47 ඉදලා 51 ට වෙනකන් පල්ලෙහාට බහින්න වෙලා තියෙනවා. එ් වගේම දනුශ්ක ගුණතිලකටත් 85 දක්වා පහළට වැටිලා තියෙනවා. ඔහු කලින් හිටියේ 79 වෙනි තැන. සැලකිය යුතු දස්කමක් දක්වපු අසේලට මෙවර ICC ශ්‍රේණිගත කිරීම්වල තැනක් ලැබිලා තියෙනවා. ඔහු 78 වෙනි ස්ථානයේ ඉන්නවා.
ICC පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගතකිරීම් වලත් ඉහළට එන්න ලංකාවේ පන්දු යවන්නන් කිහිප දෙනෙන්ටම අවස්ථාව ලැබිලා තියෙනවා. ඉන්දියානු සංචාරයේ සුපිරි දස්කම් දක්වපු සුරංග ලක්මාල් ස්ථාන 14 කින් ඉහළට අැවිත් තියෙනවා. කලින් 36 හිටිය ලක්මාල් දැන් ඉන්නේ 22 වෙනි තැන. 54 හිටිය මැතිව්ස් 47 ට අැවිත් තියෙනවා. ලංකාවේ පුංචි දඟයා, අකිල ධනංජය 58 දක්වා ඉහළට අැවිත් තියෙනවා. එ් 82 වෙනි ස්ථානයේ ඉදලා. හැබැයි නායක තිසරට නම් ICC යෙන් සැලකිලි ලැබිලා නෑ. තිසර 95 ඉදලා 98 දක්වා පහළට වැටිලා තියෙනවා. නුවන් ප්‍රදීප් 75 වෙනි තැනත්, අසේල 99 වෙනි තැනත් හිමි කරගෙන තියෙනවා.
පහුගිය ඉන්දියානු සංචාරයේදී තුන්ඉරියව් දස්කම් පෙන්නපු එකම ක්‍රීඩකයා මැතිව්ස්. ICC එක්දින තුන්ඉරියව් ශ්‍රේණිගත කිරීම්වල 3 වෙනි තැනට එන්න මැතිව්ස්ට පුළුවන් වෙලා තියෙනවා. කලින් ඔහු හිටියේ 5 වෙනි තැන. සෑහෙන කාලෙකට පස්සේ තමයි ලංකාවේ ක්‍රීඩකයෙක් ICC ශ්‍රේණිගත කිරීම්වල පළවෙනි 3 අතරට අාවේ. දිගටම මේ දස්කම් පෙන්නුවොත් ලංකාවේ ක්‍රීඩකයින්ට ICC ශ්‍රේණිගත කිරීමිවල ඉහළින්ම වැජඹෙන්න බැරිකමක් නෑ.