News Line| Off Air
Generic placeholder image

Dec
19

ඡන්දෙ දිනුවොත් කාවාඩි නටන්න භාර වෙන්න අපේක්ෂකයෝ පෝලිමේ කතරගම යයි.

1676 Views


ඡන්දෙ දිනුවොත් කාවාඩි නටන්න භාර වෙන්න අපේක්ෂකයෝ පෝලිමේ කතරගම යයි.

නත්තල් සීතලත් වහගෙන මැතිවරණ උණුසුම ලංකාවට අැවිත් තියෙන්නේ. ගියපාර ඡන්දෙන් පස්සේ ජන්ද දායකයො අමතක වුන මන්ත්‍රීලට අායෙත් ඡන්ද දායකයෝ මතක් වෙන කාලෙ තමයි මේ. ඡන්ද දායකයොන්ගේ ඡන්දෙන් විතරක් ගොඩයන්න බැරි නිසාද මන්ද අපේක්ෂකයෝ පෝලිමට කතරගම යන්න පටන් අරන්.

එ් නිසා මේ දවස්වල කතරගම පුදබිමේ මේ පාර ඡන්දය ඉල්ලන අපේක්ෂකයන් තොග පිටින් දකින්න පුළුවන්. දෙවියන් ඉදිරියට අැවිත් පඬුරු ගැට ගහලා ඡන්දය දිනලා දෙන්න කියලා බාර වෙනවලු. හිටපු ජනාධිපතිතුමත් පහුගියදා කතරගම දේවාලෙට අැවිත් රිදී කාසියක් ගැට ගහලා බාරයක් වෙලා තියෙනවා.

කතරගම දේවාලයේ කපුමහත්වරු කියන විදියට අපේක්ෂකයෝ වැඩියෙන්ම භාර වෙන්නේ ඡන්දය දිනුවට පස්සේ තමන්ගේ පිරිසත් එක්ක අැවිත් කාවාඩි නටනවා කියලලු. ඡන්දෙ කාලේ වගේම ඊට පස්සෙත් එ් අය නටන නැටුම්වල හැටියට එ්ක නම් මහ දෙයක් නෙවෙයි.


News Articles
Latest Videos
Most Popular Post