මහින්ද රාජපක්ෂ දේශපාලනයෙනුත් විශ්‍රාම ගන්නා දවස අත ළඟ.
894 Views
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැන් ආයිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඉතිං හැමෝටම තියෙන ප්‍රශ්ණය තමයි හිටපු ජනාධිපතිවරයා කවදද හරියටම විශ්‍රාම අරං ගෙදරට වෙලා ඉන්නේ කියන එක. ඒ ගැන බොහොම විශ්වාසවන්ත ආරංචියක් අපිට ලැබුණා. මේ පාර පළාත්පාලන මැතිවරණයෙන් පස්සේ අනිවාර්යයෙන්ම විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ දේශපාලනයෙනුත් විශ්‍රාම ගන්නවා කියලයි අපිට ආරංචි වුනේ. මේ පාර මැතිවරණ ප්‍රතිපලය කිසිසේත්ම තමන්ගේ පාර්ශ්වයට වාසිදායක ප්‍රතිපලයක් වෙන්නේ නැති බව මේ වෙද්දීත් තේරීලා තියෙන හින්දා ශ්‍රීලනීපයෙන් වෙන්වීම තමන් ගත්ත මෝඩම තීන්දුවක් කියලයි හිටපු ජනාධිපතිවරයා තමන්ගේ හිතවතුන් එක්ක කියලා තිබුනේ.
ඒත් තමන්ව විශ්වාස කරගෙන ඇවිත් ඉන්න පිරිස වෙනුවෙන් තව දුරටත් මෙම මැතිවරණ ක්‍රියාවලිය තුල කටයුතු කරන්නයි ඔහුගේ බලාපොරොත්තුව. ඒ වගේම ශ්‍රීලනීපය වෙනත් පක්ෂ වලට සහය දක්වන මන්ත්‍රීවරුන් පක්ෂයෙන් නෙරපීමට තීන්දුවක් ගෙන තිබෙන නිසා රාජපක්ෂ මහතා හා එකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයන් ගනනාවක්ම පොහොට්‍ටු කණ්ඩායමේ ප්‍රසිද්ධ වේදිකාවට නඟිනවා වෙනුවට එජාප විරෝධය පමණක් මුල කර ගත් රැස්වීම සඳහා පමණක් සහභාගී වීමට සැලසුම් කරමින් ඉන්න බවත් දේශපාලන ආරංචි මාර්ග වලින් දැනගන්න ලැබුණා.
මේ අතරේ ගිය ඉරිදා ප්‍රධාන සති අන්ත පුවත් පතක පළවූ ප්‍රධාන පුවතේ කිසිම පදනමක් නැහැ කියලයි ජනධිපති කාර්යාල ආර්ංචි මාර්ග කියන්නේ. පොහොට්‍ටු කණ්ඩායම සමඟ කිසිදු එකඟතාවයක් නැති බවත් පක්ෂය දෙකඩ කඩා එජාපයට පහසු ජයග්‍රහණයක් අත්පත් කර දීමට උත්සහ කරන මේ කණ්ඩායම සමඟ දේශපාලන එකඟතාවයකට පැමිණීමට තරම් වත්මන් ජනාධිපතිවරයා දේශපාලනිකව බංකොලොත් නොවන බවත් ඒම ආරංචි මාර්ග තහවුරු කරනවා.