News Line| Off Air
Generic placeholder image

Dec
20

හරීන් ප්‍රනාන්දු තරුණසේවා සභාපතිගේ සඟ උස්සලා. අගමැති දුන්න සුපිරි Talk එක මෙන්න. – කලටිපොල් 01

5313 Views


හරීන් ප්‍රනාන්දු තරුණසේවා සභාපතිගේ සඟ උස්සලා. අගමැති දුන්න  සුපිරි Talk එක මෙන්න. – කලටිපොල් 01

දේශපාලන ලෝකය කියන්නේ අපූරු සිදුවීම් වෙන තැනක්. කැපිලි කෙටිලි, කකුල් මාට්ටු, කරට අතදාගැනීම් වලින් අඩුවක් නැති තැනක්. එ් වගේම තමයි ඕනෑ තරම් රසවත් සිදුවීමුත් වෙනවා.

එ්වගේ සිදුවීමක් පහුගිය දවසක හරීන් ප්‍රනාන්දු අැමතිතුමාට සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගෙ මහතාට සිද්ධ වුණා. පහුගිය දවසක මහරගම ප්‍රදේශයේ රැස්වීමක් තිබ්බා. මේකට අගමැතිතුමා අතුළු එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ රැසක් හිට්යා. රැස්වීම අමතන්න හරීන් අැමතිතුමා තමන් දාගෙන හිටිය Sunglass දෙක ගලවලා තියලා ගියා. කතාව ඉවර කරලා හරීන් කෙලින්ම අාවේ අගමැතිතුමා ගාවට. හරීන්ගෙන් පස්සේ කතා කලේ තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංග. වාඩිවෙලා හිටිය අගමැතිතුමා ගාව දණ ගහගෙන කතා කරපු හරීන් යන්න නැගිට්ටා. තවත් ගමනක් යන්න තිබ්බ හදිස්සියට ළඟ තිබ්බ Sunglass දෙකත් අරන් ඔහු ගියා.

කතාව ඉවර වෙලා අාව එරන්ද එයාගෙ Sunglass දෙක හෙව්වා. බලද්දී හරීන් අරන් ගිහින් තියෙන්නේ එරන්දගෙ Sunglass දෙක. එරන්ද මේ ගැන අගමැතිතුමාටත් කිව්වා.

බලන්නකො සර්, හරීන් මගේ Sunglass දෙකනෙ අරන් ගිහින් තියෙන්නේ.

හරීන්ගේ Sunglass දෙක දිහා බලපු අගමැතිතුමා දීපු උත්තරේට එරන්දට පොළව පලන් යන්න හිතුනා.

“ හරීන් ඔයාට වඩා වයස වුනාට, එයාගෙ Sunglass Brand එක නම් ඔයාට වඩා Young ” අගමැතිතුමා අැඟට පතට නොදැනී කිව්වා.

 

– මෙම ලිපිය උපුටාගන්නේ නම් කරුණාකර කතෘ අයිතිය සුරකින්න. | www.siyatha24.lk © –


News Articles
Latest Videos
Most Popular Post