News Line| Off Air
Generic placeholder image

Dec
20

රොබෝ – මිනිස් ගැටුම ඇරඹේ. (VIDEO)

656 Views


රොබෝ – මිනිස් ගැටුම ඇරඹේ. (VIDEO)

රොබෝ කියන්නේ මිනිසාගේ සුවිශේෂි නිර්මාණයක්. තාක්ෂණයේ දියුණුවත් එක්ක මිනිසා වගේ හිතන්න, හැගීම් ප්‍රකාශ කරන්න පුළුවන් රොබෝලා පවා නිර්මාණය කරලා තියෙනවා. එ් වගේම මිනිසාගේ වැඩ පහසු කරන්න විවිධ වැඩ සඳහා රොබෝලා නිර්මාණය කරලා තියෙනවා.

එ්ත සමහරු රොබෝලාට කැමති නෑ. ඔවුන් කියන්නේ කවදා හරි රොබෝලා ලෝකය යටත් කර ගනීවි කියලා. එ් ගැන හැදුන චිත්‍රපටි පවා තියෙනවා. කොහොම වුනත් පහුගිය දවසක රොබෝ මිනිස් ගැටුමක් ගැන වාර්ථා වුණා. එ් අැමරිකා එක්සත් ජනපදයේ සැන්ෆ්‍රැන්සිස්කෝ නුවරදී. සැන්ෆ්‍රැන්සිස්කෝ නුවර පදික වේදිකා නිරීක්ෂණයට රොබෝවක් තියලා තියෙනවා. Knightscope K5 නම් මේ රොබෝව අාරක්ෂක රොබෝ යන්ත්‍ර ගණයට තමයි අයිති වෙන්නේ. සත්වයින්ට කෘෘර ලෙස සැලකීම වැළැක්වීම පිළිබද සමාජය කියන සංවිධානය තමයි මේ රොබෝව සේවයේ යොදවලා තියෙන්නේ. මේ රොබෝවට පැවරුණ තවත් රාජකාරිය තමයි එම සංවිධානයේ ගොඩනැගිල්ල ඉදිරිපිට නිදා ගන්න නිවාස අහිමි අය ඉවත් කරන එක.

කොහොම වුන්ත මේ රොබෝ නිසා එ් ප්‍රදේශයේ ජනතාව අපහසුතාවයට පත්වෙලා තියෙනවා. එ් නිසා රොබෝ මිනිස් ගැටුමක් අැතිවෙලා තියෙනවා. සමහරු මේ රොබෝගේ සංවේදක මතට සෝස් හලලා තියෙනවා. තවත් සමහරු විවිධ වැඩ කරලා රොබෝව අකර්මණ්‍ය කරන්න උත්සහා කරලා තියෙනවා. දවසක් රොබෝගේ මුහුණේ අසූචිත් ගාලා තිබ්බා.

රොබෝව සේවයේ යොදවපු සංවිධානය නම් කියන්නේ මිනිස්සුන්ගේ අාරක්ෂාවට මේ රොබෝව යෙදෙව්වා කියලයි. නියමු ව්‍යාපෘතියක් විදියට මේ වැඩේ කරනවා කියලත් ඔවුන් කිව්වා. එ් වුනත් ජනතාව නම් කියන්නේ බොරුවට රොබෝලාට සල්ලි වියදම් කරන වෙලේ ගෙවල් නැති අයට ගෙවල් හදලා දුන්නා නම් මේ කරදර නෑ කියලයි. කොහොම වුනත් පොඩියට පටන් ගත්ත මේ රොබෝ – මිනිස් ගැටුම කාලයත් එක්ක ලොකු එකක් වෙයිද දන්නේ නෑ.

 

මේ තියෙන්නේ Knightscope K5 රොබෝගේ Video එක. 

https://twitter.com/samueldodge/status/939627122561134592


News Articles
Latest Videos
Most Popular Post