News Line| Off Air
Generic placeholder image

Dec
21

අද සාප්පු සවාරි යන්න සුභ දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

745 Views


අද සාප්පු සවාරි යන්න සුභ දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2017 දෙසැම්බර් මාසයේ 21 වන බ්‍රහස්පතින්දා

රාහු කාලය: ප.ව.01.36 සිට 03.03

සුභ දිශාව: ඊසාන

 

 

 

 

මේෂ ලග්නය

ජීවිතය සැලසුම් කරගන්නට අන් අයට ආදර්ශමත් ලෙස ගැවසෙන්න වැඩ කරන්න ඒවගේම පිනට දහමට නැඹුරු වීමට ඔබට කදිම දවසක්. පෙරමුණේ යන්න, කාය ශක්තිය වර්ධනය කරන්න ප්‍රමුඛයා ලෙස කටයුතු කරන්න ඔබ දක්ෂයි. ජනප්‍රියත්වයට පත් වෙනවා.

ජය වර්ණය: ලා රතු පැහැය                         ජය අංකය: 07

වෘෂභ ලග්නය

පෙනුම මනා ලෙස පිහිටන බුද්ධිමත් ඥානවන්ත අය. තියුණු වැඩ කරන්න සියුම් වැඩ කරන්න දක්ෂයි. සමාජයේ අන් අයගේ ආදරය කරුණාව යොමු වෙනවා. මංගල යෝග උදා වෙනවා.

ජය වර්ණය: තැඹිලි පැහැය                         ජය අංකය: 09

මිථුන ලග්නය

ඔබ අන් අයට වඩා සෘජු ගතිගුණ පෙන්නන්න ගියොත්, ඔබගේ ලේඛන ශක්තිය තුලින් අන් අයට අපහාසාත්මක නිර්මාණ කරන්න ගියොත්, ඔබට වෘත්තීය හැකියාවක් නොමැතිව ඔබට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉවසීම අන් අයගේ අවවාද උපදෙස් යටතේ කටයුතු කිරීමද අන් අයට ගරු කිරීමටද සිතා ගන්න. ජල පීඩා විදුලි පීඩා ඇති විය හැකියි. ඔබගේ ආරක්ෂාව පිලිබදව සැලකිලිමත් වෙන්න.

ජය වර්ණය: ලාකොළ පැහැය        ජය අංකය: 08

 

කටක ලග්නය

නිශ්චල දේපල ලැබීම, වැඩිපුර සොයා බලා කටයුතු කිරීම, ඉවසීමෙන් කටයුතු කිරීම සැක සංකා පහල නොවී ඉලක්කයටම වැඩ කිරීමේ බලය ශක්තිය ඔබට හිමි වෙනවා. අනවශ්‍ය ලෙස කතා නොකර අවශ්‍ය දේ පමණක් කතා කිරීමට වගබලා ගන්න. ධනාත්මක ව්‍යාපාර යෝගයක් උදා වෙනවා. ඔබ සමග අමනාප වුණ අය මිතුරු වෙන්න පුළුවන්.

ජය වර්ණය: දීප්තිමත් සුදු පැහැය                            ජය අංකය: 08

සිංහ ලග්නය

නිර්භීත ස්වභාවය පාලනය කිරීමේ ශක්තිය සාධාරණ ලෙස සියලු දේවල් වලට ඔරොත්තු දීම අද දවසේ පවතිනවා. තමාගේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න. ඔබ ශක්තිමත් වෙන්න. සැලසුම් සහගතව දිනය ගත කරන්න.  ඔබ දීප්තිමත් කෙනෙක් බවට පත් වේවි.

ජය වර්ණය: රන්වන් පැහැය                      ජය අංකය: 06

කන්‍යා ලග්නය

අධික ලාභ ගැනීමට ශක්තියද, ලේඛන චින්තන කලාවට, විවිධ භාෂා හැදෑරීමට චතුර ලෙස කතා කිරීමට හැකිවන දවසක්. නිවසට අත්‍යවශ්‍ය බඩු ගන්න යන්න සුභයි. ඉගෙනීමේ කටයුතු වර්ධනය වෙනවා.

ජය වර්ණය: ලා කොළ පැහැය                   ජය අංකය: 05

 

තුලා ලග්නය

මහා පරිමාණයට වැඩ කරන්නට, සමතුලිතභාවයට අවශ්‍ය දේ තේරුම් ගෙන ඉදිරියට යාමට, යහපත් ගුණාංග වර්ධනය වෙනවා. කලාවට දක්ෂ වෙනවා. ඔබට නිර්මාණ ශක්තිය වැඩියි. ආරම්භ කරන වැඩ සාර්ථක ලෙස ඉවර කරගන්න හැකියි. ගෙවල්දොරවල්, යානවාහන, ඉඩකඩම් මිලදී ගන්න සුභයි. වාස්තු දෝෂ නිවැරදි කර ගැනීමට හැකියාව ලැබෙනවා.

ජය වර්ණය: රෝස පැහැය                         ජය අංකය: 04

 

 

වෘශ්චික ලග්නය

 

තර්කයෙන් දිනීමට අන් අයට වඩා තියුණු නුවණක් තියෙනවා. යහපත් තීරණ ගැනීමෙන් පතිභක්තිය රකින අය. ඔබට අද දවස මනා ලෙස සැලසුම් කරන්න සුභයි. ඔබට නිර්මාණ ශක්තිය වැඩියි. සාප්පු සවාරි යන්න සුභයි.

ජය වර්ණය: ලා රතු පැහැය                       ජය අංකය: 03

 

 

ධනු ලග්නය

හදිසි ධන ලාභ ලැබිය හැකියි. දුර සිට පැමිණෙන අය පිළිගැනීමට සිදු වෙනවා. ඥාතීන් හිතවතුන් අතර පවතින වාතාවරණය යහපත් කර ගැනීමට හැකියි. නිදහස් භාවයට ගැඹුරු කල්පනාවන්ට සුභ දවසක්. මෙතෙක් පැවති සතුරු පිඩා ඉවත් වෙනවා.

ජය වර්ණය: ගුරු පැහැය                         ජය අංකය: 02

 

 

මකර ලග්නය

රස මසවුළු ආහාර නියෝජිතයෙක් ලෙස වෙනත් තැන් වලට සහභාගී වීමට, ප්‍රිය සම්භාෂණ වලට යාම, විනෝද චාරිකා සහ අධ්‍යාපන චාරිකා තුල නිරත වීම ට භාග්‍ය ඔබට උදා වෙනවා. කෞතුක භාණ්ඩ, මව්පිය උරුමය ලැබීමේ භාග්‍ය හිමි වෙනවා.

ජය වර්ණය: නිල් පැහැය                    ජය අංකය: 01

 

 

කුම්භ ලග්නය

ශිල්ප ශාස්ත්‍ර ඉගැන්වීමට දක්ෂ වෙනවා. මොලයෙන් කරන වැඩ, අතිශයින් සුක්ෂමව කරන වැඩ වලට දක්ෂයි. යතාර්ථයට ගරු කරන දවසක්. ඔබගේ අද මනා දැක්මක් පවතිනවා. ජලයෙන් විසකුරු සර්පයන්ගෙන් පීඩා ඇතිවිය හැකියි. සොර සතුරු පීඩා ඇතිවිය හැකියි. ආගමානුකුලව කටයුතු කරන්න.

ජය වර්ණය: තදනිල් පැහැය                       ජය අංකය: 03

 

 

මීන ලග්නය

අධ්‍යාත්මික ශක්තිය දෙවියන්ගේ පිහිට ලැබීම පවතිනවා. ආචාර්ය මහාචාර්ය වැනි ධුර වලට හිමිකම් කියනවා. වෘත්තීය හැකියාවන් වැඩි දියුණු වෙනවා. ගාම්භීර ලෙස කටයුතු කිරීමට හැකියාව ලැබෙනවා. ඔබට යම් මුදලක් ලැබීමේ භාග්‍ය හිමි වෙනවා.

ජය වර්ණය: ලා ගුරු පැහැය                        ජය අංකය: 02

 

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : ලක්ෂ්මන් යූ ලියනගේ

දුරකථන අංකය: 011 50 10 829


News Articles
Latest Videos
Most Popular Post