News Line| Off Air
Generic placeholder image

Dec
21

සියලු පහසුකම් සමඟින් හතුරුසිංහට ලැබෙන ලක්ෂ 60 සුපිරි පැකේජය මෙන්න. (VIDEO)

1747 Views


සියලු පහසුකම් සමඟින් හතුරුසිංහට ලැබෙන ලක්ෂ 60 සුපිරි පැකේජය මෙන්න. (VIDEO)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගැලවුම්කරුවා ඊයේ වැඩ බාර ගත්තා. එ් ලංකාවේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා. වැඩ බාර ගත්ත හතුරුසිංහ ඊයේ ක්‍රිකට් අායතනයේ තිබ්බ මාධ්‍ය හමුවටත් අාවා. එ්කේදී ඔහු ඉදිරියේ කරන්න යන්නේ මොනවද කියලත් කිව්වා.

“මං මෙහේ තියෙන සැලසුම් තවම අධ්‍යනය කරලා නෑ. එ්ත් කලින් පුහුණුකරු විදියට කටයුතු කරපු ශ්‍රී ලංකා එ්, නිව් සවුත් වේල්ස් සහ බංගලාදේශයේදී මං හදපු සැලසුම් සාරථක වුනා. මෙහෙදිත් එ් වගේ සැලසුමක් හදන්න බලාපොරොත්තු වෙනවා.” කියලයි හතුරුසිංහ කිව්වේ. ලංකාවේ ක්‍රිකට් කඩා වැටෙන්න හේතුවත් හතුරුසිංහ මාධ්‍ය හමුවේදී කිව්වා. දේශීය ක්‍රිකට් තරඟාවලියේ කණ්ඩායම් ගණන වැඩිවීම එ්කට හේතුව කියලයි ඔහු කිව්වේ.

හතුරුසිංහ කලින් ලංකාවේ සෙවණැලි පුහුණුකරු විදියට කටයුතු කරා. හැබැයි එ් කාලයේ ක්‍රිකට් පරිපාලනයේ කෙනෙහිලිකම් නිසා ඔහු එ් තනතුර අතහැර ගියා. හතුරුසිංහ කිව්වේ දැන් ඔහු එ් සියල්ලම අමතක කරලා ඉන්නේ කියලා. “අැත්තටම ඉපදුණු රටේ පුහුණුකරු වෙන්න ලැබෙනවා කියන්නෙ ඕනම කෙනෙක්ට ගෞරවයක්. මං ගැන විශ්වාසය තියලා මේ තනතුර බාර දුන්නට. එ් වගේම මම හිතනවා මට හරි කාලයේදී තමයි පුහුණුකාර ධූරය භාරගන්න ලැබෙන්නේ” කියලයි හතුරුසිංහ වැඩිදුරටත් කිව්වේ. දිගටම වෙනස් වෙන ක්‍රිකට් නායකත්වය ගැනත් මාධ්‍යවේදීන් ප්‍රශ්න කරා. එ් වෙලේ හතුරුසිංහ කිව්වේ එ් වගේ දේවල් මාධ්‍ය හමුවලදී කතා කරන්න තමන් කැමති නෑ කියලා.

හතුරුසිංහගේ පඩිය ගැනත් පහුගිය දවස්වල කතා වුණා. අපිට අාරංචි වුන විදියට නම් ඔහුට ලක්ෂ 60 ක පැකේජ් එකක් තමයි ලැබිලා තියෙන්නේ. ඔහුගේ වැටුප ලක්ෂ 40 ක්. නාවාතැන්, දුරකතන ගාස්තු, ඉන්ධන අාදී දීමනා එක්ක සම්පූර්ණ පැකේජ් එක ලක්ෂ 60 ක්.

හතුරුසිංහ ඊයේ වැඩ බාර ගත්තට වැඩ පෙන්නන් පටන් ගන්නේ ලබන ජනවාරි මාසයේ ඉදලා. එ් හතුරුසිංහ කලින් පුහුණුකරු වෙලා හිටිය බංගලාදේශයට එරෙහිව වීම නම් හරිම ධෛවෝපගතයි. කොහොම වුනත් වැටුණ ක්‍රිකට් ගොඩගන්න හතුරුසිංහට පුළුවන් වෙන්න කියලයි හැමෝම ප්‍රාර්ථනා කරන්නේ.

https://www.facebook.com/srilankacricket/videos/2414344165263443/


News Articles
Latest Videos
Most Popular Post