News Line| Off Air
Generic placeholder image

Dec
21

ලංකාවේ අලි අාරක්ෂා කරන්න අලි බලකායක්.

832 Views


ලංකාවේ අලි අාරක්ෂා කරන්න අලි බලකායක්.

විදේශීය සංචාරකයින් ලංකාවට එන්න ප්‍රධානම හේතුවක් තමයි අලි සම්පත. හැබැයි ලංකාවේ අලි අැත්තුන්ට නම් මේ ලබලා තියෙන්නේ අපල කාලයක්. එක දිගට දවස ගානේ මිනිසාට බිලි වෙන්න එ් අහිංසක සත්තුන්ට සිද්ධ වෙලා. පහුගිය දවස්වල ලංකාවට අාඩම්බරයක් ගෙනාපු අැත්තු කිහිප දෙනෙක්ම මරලා දාලා තිබ්බා.

මේ නිසා අලි සම්පත රැක ගන්න රජය අලුත් වැඩපිලිවෙලක් පටන් අරන් තියෙනවා. එ් තමයි අලි රැක ගන්න අලුත් බලකායක් පිහිටුවන්න යනවා. වනජීවී නිලධාරීන්, පොලිස් නිලධාරීන් සහ හමුදා නිලධාරීන් අැතුලත් කරලා තමයි මේ එ්කාබද්ධ කාර්යසාධක බලකාය හදන්නේ.

ක්ෂේත්‍ර මුර සංචාර කරලා අලි අැත්තුන්ව අාරක්ෂා කරන එක තමයි මේ බලකායට පැවරෙන ප්‍රධානම රාජකාරිය. අවශ්‍ය අවස්ථා වලදී වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සහයත් ලබා ගන්නවාලු. එ් වගේම වන අලි ඝාතනය කරන අයට දඩුවම් දෙන්න නීති දැඩි කරන්නත් යනවා. එ් නිසා අලි මැරලා උසාවියෙන් වැරදිකරු වුනොත් ජීවිතාන්කය දක්වා හිරේ යන්න වෙනවා. අමාත්‍ය මණ්ඩල අනුමැතියත් එ් වෙනුවෙන් ලැබිලා තියෙනවා.

කොහොම හරි ලංකාවේ අලි සම්පත රැක ගන්න පුළුවන් වුනොත් අැති. නැත්තම් අනාගත පරපුරට අලි බලන්න වෙන්නේ රූපවාහිනියෙන් එහෙමත් නැත්තන් කෞතුකාගාරෙන් විතරයි.


News Articles
Latest Videos
Most Popular Post