News Line| Off Air
Generic placeholder image

Dec
22

අද පැවැත්වෙන දෙවෙනි T20 තරඟයේදී ලංකාවට වෙන්නේ මොකක්ද? විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න.

1074 Views


අද පැවැත්වෙන දෙවෙනි T20 තරඟයේදී ලංකාවට වෙන්නේ මොකක්ද? විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවෙනි T20 තරඟය අද පැවැත්වෙනවා. එ් ඉන්දෝර් හොල්කාර් ක්‍රීඩාංගණයේදී. විදුලි අාලෝකයෙන් පැවැත්වෙන තරඟය ලංකාවේ වෙලාවෙන් රාත්‍රී 7.00 ට අාරම්භ වෙනවා. පළවෙනි තරඟයෙන් ඉන්දියාව දැවැන්ත ලකුණු 93 ක ජයක් ලබා ගත්තා. එ් නිසා ඉන්දියාව ඉන්නේ ජයග්‍රාහී මානසිකත්වයක. එ් වගේම තරඟාවලිය ගැන තවදුරටත් බලාපොරොත්තු තියා ගන්න නම් මේ තරඟය ජය ගැනීම අනිවාර්ය වෙනවා. එහෙම නැති වුනොත් ඉන්දීය සංචාරයේ ටෙස්ට්, එක්දින සහ T20 තරඟාවලි 3 ම පරාජය වෙනවා.

අද තරඟයේදී ගොඩක් වෙලාවට වමතින් දඟ පන්දු යවන චතුරංග ද සිල්වා කැඳවන්න ඉඩ තියෙනවා. එහෙම වුනොතින් වේග පන්දු යවන්නෙක්ට කණ්ඩායමේ ස්ථානය අහිමි වෙනවා.

ලංකාව ඉන්දෝර් ක්‍රීඩාංගණයේ තරඟකට සහභාගී වෙන පළවෙනි වතාව. එ් වගේම මේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළවෙනි T20 තරඟය මේක. අද තරඟය දිනන්න නම් ලංකාවට ලොකු තරඟයක් දෙන්න වෙයි. අපි බලමු ලංකාවේ නම්බුව රැක ගන්න තිසර අැතුළු කණ්ඩායමට පුළුවන් වෙයිද කියලා.


News Articles
Latest Videos
Most Popular Post