News Line| Off Air
Generic placeholder image

Dec
22

ක්‍රීඩකයින්ගේ විනය හදන්න ක්‍රීඩා අැමති, හතුරුසිංහට වේවැල දෙයි.

3451 Views


ක්‍රීඩකයින්ගේ විනය හදන්න ක්‍රීඩා අැමති, හතුරුසිංහට වේවැල දෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ගැන පහුගිය දවස්වල ලොකු චෝදනාවක් අාවා. එ් ඔවුන්ගේ විනය ගැටලු තියෙනවා කියලා. තරඟාවලි අතරතුර මත්පැන් පානය කරනවා කියලා වගේම රාත්‍රී සමාජ ශාලාවල කාලය ගත කරනවා කියලා තමයි චෝදනා කරේ. එ් නිසා දනුෂ්ක ගුණතිලකට තරඟ තහනමකුත් දැම්මා.

කොහොම වුනත් හතුරුසිංහ අාව මාධ්‍ය හමුවෙන් පස්සේ ක්‍රීඩා අැමති සහ හතුරුසිංහ අතර සාකච්ඡාවක් පවත්වලා තියෙනවා. එ් සාකච්ඡාවේදී ක්‍රීකට් ක්‍රීඩකයින්ගේ විනය හදන වැඩෙත් අැමතිතුමා හතුරුට බාර දීලා තියෙනවා. මොන ප්‍රශ්නෙ අාවත් ක්‍රීඩකයින්ගේ විනය හදන එක නවත්තන්න එපා කියලත් අැමතිතුමා හතුරුට කිව්වා.

එ් වගේම ක්‍රීඩකයිනගේ ශාරිරක යෝග්‍යතාවත් ගැනත් කිසිම බුරුලක් දෙන්න එපා කියලා අැමතිතුමා කිව්වා. හතුරුසිංහ බංගලාදේශයේ පුහුණුකරු වෙලා ඉන්න කාලයේ ශකීබ් අල්හසන් තමයි එරට දක්ෂම තුන්ඉරියව් ක්‍රීඩකයා. හැබැයි ශකීබ් සීමාව ඉක්මවා ගිය නිසා ඔහුට මාස 06 ක තරඟ තහනමක් පනවන්න හතුරුසිංහ කටයුතු කරා. එ් නිසා ලංකාවේ ක්‍රීඩකයින්ටත් ලේසි වෙන එකක් නෑ. අැමතිතුමාම හතුරුගේ අතට වේවැල දීලා තියෙන්නේ. දැන් ඉතිං දඟලලා අහුවුනොත් වේවැල් පාර තමයි.

 


News Articles
Latest Videos
Most Popular Post