News Line| Off Air
Generic placeholder image

Dec
24

හතුරුසිංහ වැඩ අල්ලයි. මාලිංග නිහඬ කරවීමේ මෙහෙයුම තවදුරටත්. කුලසේකර, දිල්රුවන්, තිරිමාන්න සහ මුණවීරටත් දොර වැසෙයි. – EXCLUSIVE

3640 Views


හතුරුසිංහ වැඩ අල්ලයි. මාලිංග නිහඬ කරවීමේ මෙහෙයුම තවදුරටත්. කුලසේකර, දිල්රුවන්, තිරිමාන්න සහ මුණවීරටත් දොර වැසෙයි. – EXCLUSIVE

දැන් ක්‍රිකට් ක්‍රීඩාවේදී අපිට නැතිවෙන්න දෙයක් නැහැ. වෙන්න තියෙන හැම අවනම්බුවක්ම සිද්ධ වෙලා ඉවරයි. අවුලක් නැහැ, ලොකු ලොකු Records වල අනිත් පැත්තේ හරි ශ්‍රී ලංකා කියලා තියෙනවනේ. එහෙම කියලා තමයි හිත හදාගන්න වෙන්නේ.
කොහොම වුණත් අපිට තිබුණ පුංචිම හරි බලාපොරොත්තුව තමයි හතුරා. ඔහු බංගලාදේශ අතහැරලා ලංකාවට ආව ගමන් ක්‍රිකට් ගොඩ යයි කියලා ක්‍රිකට් ලෝලියෝ හීන මැවුවා. හැබැයි ඉතින් හතුරා ආවත් අපේ ක්‍රිකට් අනාගතය ලොකු වෙනසක් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න දැන් අමාරුයි. මොකද හතුරුගේ ආරම්භයත් ලත් තැනම ලොප්.
ඊයේ ක්‍රිකට් පාලකයෝ නිවේදනයක් නිකුත් කරා. බංගලාදේශ සංචාරය ඉලක්ක කරගෙන ක්‍රීඩකයන් 23 දෙනෙක් වෙනුවෙන් විශේෂ පුහුණු කඳවුරක් කරන්න හතුරුසිංහ Plan කරපු බවත් තෝරගත්ත ඒ ක්‍රීඩකයන් 23 දෙනාගේ නම් ලැයිස්තුවත් ඒ නිවේදනයේ තිබුණා. ඒ ක්‍රීඩකයන් 23 දෙනා ගැන අපි කතා කරන්න යන්නේ නැහැ. හැබැයි ඒ 23 අතර සිටිය යුතුම ප්‍රධාන පෙළේ ක්‍රීඩකයන් සිව් දෙනෙක්ව කැපුවේ කොහොමද කියන එක නම් ලෝක ප්‍රශ්නයක්.
ලසිත් මාලිංග, නුවන් කුලසේකර, ලහිරු තිරිමාන්න වගේම ඩිල්ශාන් මුණවීර හතුරුගේ අමුතු සංචිතයේ නැතිවීම ගැන ක්‍රිකට් විචාරකයෝ පුදුම වෙනවා. ලසිත් මාලිංග කියන්නේ දැනට අපිට ඉන්න අත්දැකීම් වැඩිම, හොඳම වේග පන්දු යවන්නා. ඔහුව පහුගිය ඉන්දීය සංචාරයට ගත්තේ නැත්තේ බංගලාදේශ තරඟාවලිය වෙනුවෙන් විවේක ගන්නපු නිසා කියලයි ක්‍රිකට් පරිපාලකයෝ මාධ්‍යට කිවුවේ.
හැබැයි මේ ඇවිත් තියෙන්නේ ඇත්තටම සිද්ධ වුණේ මොකද්ද කියලා රටටම හෙළි කරන්න කාලේ. ක්‍රිකට් සමුළුවේදී වගේම තවත් බොහෝ අවස්ථා වලදී ක්‍රීඩා ඇමතිගේ ඉඳලා ක්‍රිකට් පහලම පුටුව වෙනකම් හැමෝම කරපු වැරදි, ගත්ත වැරදි තීරණ ගැන මාලිංග ප්‍රසිද්ධියේ කතා කරා. දකුණේ මිනිස්සු ලග තියෙන කෙලින් වැඩ කිරීමේ, කතා කිරීමේ ගුණය මාලිංගට ආවේ උපතින්මයි. තමන්ගේ රට ගැන වගේම තමන්ව ලෝක පුජිතයෙක් කරපු ක්‍රිකට් වලට තියෙන ආදරේටයි මාලි ඒ ඇත්ත කතා කරේ. ඉතින් මාලිංගගේ යෝකර් වලට පාලකයෝ එකා පිටිපස්සේ එකා Out වෙන්න පටන් ගන්නවා. මාලිගේ යෝකර් වලට මුහුණ දෙන්න බැරි තැන මාස 6ක් මාධ්‍යට කතා කිරීමේ නිදහසත් ක්‍රිකට් පාලකයෝ නැති කරනවා. එතනිනුත් නවතින්නේ නැති ඇමති, සභාපති ඇතුළු පාලකයෝ මාලිව Team එකෙන් එලියට දානවා. පහුගිය ඉන්දීය සංචාරයේදීත් මාලිංගට ආරංචි වෙනවා තමන්ව T 20 කණ්ඩායමෙන් පවා ඉවත් කරලා කියලා. අන්න එතකොට මාලිංග ක්‍රිකට් පරිපාලනයට පණිවුඩයක් යවනවා “මාව Team එකට ගන්නේ නැත්නම් බංගලාදේශ තරඟාවලියට විවේක ගැන්වුවා කියලා Media වලට කියන්න. නැත්නම් මට ලැජ්ජයි” කියලා. ඒ යෝජනාවට අනුව තමයි ක්‍රිකට් පාලකයෝ මාලිව විවේක ගැන්නුවා කියන කතාව එලියට දාන්නේ. හැබැයි දැන් ලංකාවේ ක්‍රිකට් පාලකයෝ නැට්ට පාගාගෙන ඉවරයි. බංගලාදේශ සංචාරයට නම් කරපු 23 අතර කෝ මාලිංග.
ඇත්ත කතා කරන මාලිංගගේ යෝකර් පන්දුව සදහටම නිපන්දුවක් කරන්න මේ වෙද්දීත් මේට්ලන්ඩ් පෙදෙසේ පිඹුරුපත් සාදා අවසානයි. හෂීම් අම්ලා එක අවස්ථාවකදී කියනවා “ලසිත් මාලිංග කියන පන්දු යවන්නට 4 පහරක් එල්ල කරනවා කියන්නේ ඒ පිතිකරුවාගේ ජිවිතේ හොදම දවසක් ” කියලා. මුළු ලෝකෙම ඔහුගේ වටිනාකම තේරුම් ගත්තත් අපේ පාලකයෝ තමන්ගේ වැරදි වහගන්න, තමන්ගේ රෙදි ගැලවෙයි කියන බයට මාලිව ඉවත් කරලා. ඉතින් හතුරුසිංහ ආව කියලත් ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න බැරිවෙයි.
අනිත් කාරණාව, කෝ නුවන් කුලසේකර. ලංකාවේ ලයින් & ලෙනත් පන්දු යවන හොඳම ක්‍රීඩකයා. කෝ තිරිමාන්න. මහේල ගෙන් පස්සේ ලංකාවට ඉන්න තාක්ෂණයෙන් පිරිපුන්ම පිතිකරුව ලහිරු තිරිමාන්න. එතකොට කෝ මුණවීර. අපිට ඉන්න ඕනෑම ස්ථානයක ඇවිත් ප්‍රහාරයන් එල්ල කරන පුළුවන් කෙනෙක් තමයි ඩිල්ශාන් මුණවීර.
හතුරු පුහුණුකරු විතරයි. පිටිය මැද සෙල්ලම් කරන්නේ ක්‍රීඩකයෝ. ඉන්න හොඳම ක්‍රීඩකයෝ කපලා පඹයෝ දාලද ලංකාව ක්‍රිකට් සෙල්ලම් කරන්න යන්නේ. පාලකයන්ගෙන් අපිට අහන්න තියෙන්නේ එච්චරයි.

– මෙම ලිපිය උපුටාගන්නේ නම් කරුණාකර කතෘ අයිතිය සුරකින්න. | www.siyatha24.lk © –


News Articles
Latest Videos
Most Popular Post