News Line| Off Air
Generic placeholder image

Dec
24

තාමත් හොල්මන් කරන මියගිය සුපිරි තරු – VIDEO සහිතයි.

1670 Views


තාමත් හොල්මන් කරන මියගිය සුපිරි තරු – VIDEO සහිතයි.

හොල්මන් අවතාර ගැන එක එක අය විවිධ මත දරණවා. සමහරු හොල්මන් නෑ කියනවා. තවත් සමහරු හොල්මන් ඉන්නවා කියනවා. ඔය අතරේ ලෝකයේ ප්‍රසිද්ධ චරිතවල හොල්මන් ගැනත් කතා තියෙනවා. එ් වගේ හොලමන් කරපු ලෝකප්‍රසිද්ධ චරිත ගැන කතා කිහිපයක් මේ.

මැරලින් මොන්රෝ

කාලයක් ලෝකයේ හිටිය සුරූපී සහ සරාගීම නිළියක් තමයි මැරලින්. මැරලින්ගේ මරණය තාමත් අභිරහසක්. අෑ අධික ලෙස නිදිපෙති පානය කරලා මිය ගිහින් හිටියා කියලා තමයි වාර්තා වෙන්නේ. මැරලින් මිය ගිහින් හිටිය රූස්වෙල්ටි හෝටලයේ වගේම අැය ජීවත්වුන බෙන්ට්වුඩ් ගෙදරත් අැගේ හොල්මන දකින්න ඉන්වාලු. අදත් එ් තැන්වලට එන අමුත්තන කියන්නේ මැරලින්ගේ පෙනුම තියෙන කාන්තාවක් අැවිත් තමන් එක්ක කතා කරලා ගියා කියලා.

ඕසර් වෙල්ස්

ඕසර් හොලිවුඩයේ ඉතිහාසගත නළුවෙක් වගේම අධ්‍යක්ෂවරයෙක්. ඔහු කෑම වලට ගොඩක් කැමැත්තක් දක්වපු කෙනෙක්. එ් නිසා ඔහුගේ හොල්මන වැඩිපුරම දකින්න ලැබෙන්නේ කෑම බහුල තැන්වලලු. විශේෂයෙන්ම ලොස්අැන්ජලීස් වල මෙල්රෝස් බේකරියේ තියෙන “ස්වීට්ලේඩ් ජේන්” බේකරියේ දකින්න පුළුවන්ලු. එ්කේ සේවකයින් කියන්නේ බේකරියේ කොනකට වෙලා සුරුට්ටුවක් උරමින් බ්‍රැන්ඩි වීදුරුවක් රස විදිමින් ඉන්න කලුපැහැ අැදුමක් අැදගත්ත මිනිහෙක් ඉන්නවා දැකලා තියෙනවා. ඕර්සන් ජීවත්ව ඉන්දෙද්දී වැඩිපුරම ඉදලා තියෙන්නේ එතන.

එ්බ්‍රහම් ලින්කන්

එ්බ්‍රහම් ලින්කන් කියන්නේ අැමරිකාවේ 16 වෙනි ජනාධිපති. අැමරිකාවේ ජනාධිපකිවරුන්ගේ නිල නිවස වුන ධවල මන්දිරය හොල්මන් අවතාර වලට ගොඩක් ප්‍රසිද්ධයි. එ් අතර එ්බ්‍රහම් ලින්කන්ගේ අවතාරයත් ඉන්නවා කියලා ගොඩක් අය කියනවා. මහා බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති වින්ස්ටන් චර්චල් අැමරිකාවට අාපු වෙලාවේ නැවතිලා තිබ්බේ එ්බ්‍රහම් හිටිපු කාමරයේ. ඔහු දැකලා තියෙනවා. එ්බ්‍රහම් සුරුට්ටුවක් බොමාන් නාන බේසමෙන් නැගිටිනවා. ඊට පස්සේ කිසිම දවසක වින්ස්ටන් අගමැතිවරයා ධවල මන්දිරයට අාවම එ් කාමරයේ නම් ඉදලා නෑ.

https://youtu.be/utRz78NG1xE

අැමී වයින්හවුස්

අැමී ඉංග්‍රීසි ජාතික ගායිකාවක් වගේම ගීත රචකයෙක්. අැය වයස අවුරුදු 27 දී මත්පැන් විස වෙලා මිය යනවා. දවසක් පීට් ඩොහර්ට් කියන සංගීතඥයා අැමීගේ අවතාරය දැකලා තියෙනවා. ඔහු කොච්චර බය වුනාද කියනවා නම් කාලයක් රටින් පිටවෙලා ප්‍රංශයේ ජීවත් වුණා.

https://youtu.be/asJSYT6GYRc


News Articles
Latest Videos
Most Popular Post