News Line| Off Air
Generic placeholder image

Dec
25

වැඩිහිටියන්ගේ පාළුවට රොබෝ පූසෙක්…

583 Views


වැඩිහිටියන්ගේ පාළුවට රොබෝ පූසෙක්…

තනිකම, විශාදය (ඩිප්‍රෙෂන්) හා කාංසාව මහලු වියෙහි පසුවන වැඩිහිටියන් ගොඩක් දෙනෙක් මුහුණපාන ගැටලුවක්. මෙම තත්ත්වයන්ගෙන් මිදෙන්න බටහිර රටවල නම් පූසන් හා බල්ලන් වැනි සුරතල් සතුන් ඇතිදැඩි කිරීම බහුලව දකින්න ලැබෙනවා. ඇමරිකා එක්‌සත් ජනපදයේ රෝඩ් දූපතේ තියෙන බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක්‌ මහලු වියේ ඉන්න අයට සහ ඔවුන් මුහුණපාන ඉහතින් කියපු මානසික රෝග තත්ත්වයන්ගෙන් මිදෙන්න ක්‍රමයක් හොයාගෙන තියෙනවා. ඒ අයට උපකාර කරන්න සැබෑ පූසෙකුට සමාන වූ කෘත්‍රිම රොබෝ පූසෙකු නිපදවලා තියෙනවා.

මේ රොබෝ පූසා තමන්ගේ වැඩිහිටි අයිතිකරුවා හරි අයිතිකාරියගේ පාළුව, තනිකම මැකීමට අමතරව ඔවුන්ගේ ඇස්‌ කණ්‌ණාඩිය සොයා දීමටත්, රෝගයකට බෙහෙත් ගන්නේ නම් බෙහෙත් නිසි වේලාවට ගැනීමට මතක්‌ කිරීමත් සිදුකරන්න පුළුවන් කෙනෙක්. ඒ වගේම වෛද්‍යවරයා මුණගැහෙන්න යන්න වේලාවක්‌ වෙන් කරලා තියෙනම් අයිතිකරුට ඒක මතක් කරලා දෙන්නත් මේ පූසට පුළුවන්.

මේ රොබෝ පූසා ඇත්ත පූසෙක් වගේම “ඤාව්” කියල කෑගහනවා. ඒවගේම පහුරු ගාන්න, බෙල්ල අතගාන්න අයිතිකරු පොළොඹවගන්න බිම පෙරලෙන්නත් මේ පූසට පුළුවන්.

“මෙම රොබෝ පූසා හැසිරවීමට මනුෂ්‍යයින් අවශ්‍යයි. මෙම පූසා තම අයිතිකරුට ස්‌නේහය දක්‌වන ආදරණීය සතෙකු කිරීමට පරිගණක සහායකයකුගේ උදව් අවශ්‍ය” යෑයි රොබෝ පූසා නිර්මාණය කරපු ව්‍යාපෘතියෙහි විද්‍යාඥවරයකු වන සහ බ්‍රවුන් විශ්වවිද්‍යාලයෙහි පර්යේෂකවරයකු වන මහාචාර්ය බර්ට්‍රම් මල්ලේ කියනවා. ඒ වගේම මේ රොබෝ පූසා ඉදිරියේදී වැඩිහිටි නිවාසවලත් දකින්න පුළුවන් වෙයි කියලයි ඔහු කියන්නේ.

මේ පූසාට කෘත්‍රිම බුද්ධිය ඇතුළත් කරන්න එය නිපදවූ විද්‍යාඥයන්ට ඇමරිකානු ඩොලර් මිලියනයක ආධාර මුදලක්‌, ඇමෙරිකානු ජාතික විද්‍යා පදනමෙන් දීලා තියෙනවා.

දැනටමත් මේ රොබෝ පූසා වෙළෙඳපොළට නිකුත් කරලා තියෙනවා. එහි මිල ඇමරිකානු ඩොලර් 100 ක්. කෘත්‍රිම බුද්ධිය ඇතුළු කිරීමෙන් පස්සේ එය කාටත් දැරිය හැකි මුදලකට අලෙවි කිරීමට විද්‍යාඥයින් විසින් සැලසුම් කරලා තියෙනවා.

https://youtu.be/v_NABPD_0aM


News Articles
Latest Videos
Most Popular Post