News Line| Off Air
Generic placeholder image

Dec
26

අද ලග්න දෙකකට ගංගා, ඇලදොළ, මුහුදේ ස්නානය අසුභයි. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

756 Views


අද ලග්න දෙකකට ගංගා, ඇලදොළ, මුහුදේ ස්නානය අසුභයි. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2017 දෙසැම්බර් මාසයේ 26 වන අඟහරුවාදා

රාහු කාලය: ප.ව. 03.07 සිට 04.35

සුභ දිශාව: නැගෙනහිර

 

 

 

 

මේෂ ලග්නය

ඔබ අද දැඩි ආත්ම ශක්තිය උපදවා ගන්න ඕන දවසක්. තීරණ ගැනීමේදී තමාට වඩා දන්න අයගේඋපදෙස් පිළිපදින්න. ලිපිලේඛන වල අත්සන් තැබීමේදී කල්පනාකාරී වෙන්න. ඉවසීම වඩා වැදගත් වේවි. දුරදිග බලා කටයුතු කරන්න. ආගමානුකුලව කටයුතු කරන්න.

ජය වර්ණය: රෝස පැහැය                         ජය අංකය: 03

වෘෂභ ලග්නය

බුද්ධිමත් ලෙස කටයුතු කරනවා. හදිසි ධන ලාභ තියෙනවා. ආගමානුකුලව දවස පටන් ගන්න. සියලුම සතුරන් මිතුරු කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඔබගේ මිතුරන් සමගින් ඔබේ කටයුතු කරගත හැකි වෙනවා.

ජය වර්ණය: තැඹිලි පැහැය                         ජය අංකය: 02

මිථුන ලග්නය

ඔබගේ නිර්මාණ ශක්තිය සම්මානනීය තත්වයකට පත්කර ගැනීමට හැකි වෙනවා. වෘත්තීය හැකියාව දියුණු වෙනවා. ඔබගේ ව්‍යාපාරයේදී ඔබගේ රාජකාරියේදී ඔබ ඉදිරියට ගොස් කටයුතු කල යුතුයි. අධ්‍යාපන කටයුතු දියුණු වෙනවා.

ජය වර්ණය: ලා කොළ පැහැය                   ජය අංකය: 01

 

කටක ලග්නය

පෙරපින ඉස්මතු වෙනවා. විදේශගමන් වලට සුභයි. විදේශ භාෂා හදාරන්න සුභ දිනයක්. අධ්‍යාපන කටයුතු වල දියුණුවක් ලැබෙනවා.

ජය වර්ණය: සුදු පැහැය                               ජය අංකය: 09

සිංහ ලග්නය

නිර්භීත ස්වභාවය, පාලන ශක්තිය, මනා පෞරුෂය, සාධාරණ කල්පනාව සහිත අය. දේපල උරුමකම් හිමි වෙනවා. ගංගා, ඇලදොළ, මුහුදේ ස්නානය අසුභයි. ඔබගේ ආරක්ෂාව පිලිබදව සැලකිලිමත් වෙන්න.

ජය වර්ණය: රන්වන් පැහැය                           ජය අංකය: 08

කන්‍යා ලග්නය

වානිජකරණයට, ඥානවන්තභාවය,ට ධෛර්ය, කඩිසර ගතියට, කල්පනා ශක්තියට දක්ෂ අය. නිර්මාණකරණයට දක්ෂයි. සම්මුඛ පරීක්ෂණයන් වලින් ජය ලැබෙනවා. ඔබගේ කටහඬ ඉතා චතුර ලෙස භාවිතා කරන්න පුළුවන්.

ජය වර්ණය: ලා කොළ පැහැය                         ජය අංකය: 07

 

තුලා ලග්නය

සියලු ප්‍රශ්න වලදී සමබර ලෙස කටයුතු කිරීමට හැකි වෙනවා. යහපත් ගුණාංග ඇති වෙනවා. සෞන්දර්ය විෂයට දක්ෂ වෙනවා. නොදන්නා දේවල් දන්න කෙනෙක්ගෙන් අහගන්න. සෞඛ්‍ය පිළිබඳව අවධානය යොමු කරන්න. ගංගා, ඇලදොළ, මුහුදේ ස්නානය අසුභයි. ඔබගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වෙන්න.

ජය වර්ණය: තැඹිලි පැහැය                             ජය අංකය: 06

 

 

වෘශ්චික ලග්නය

 

තර්කයෙන් ජය ගැනීමේ ශක්තිය හිමි වෙනවා. තියුණු නුවණක් ඇති වෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ ගන්න යන්න සුභයි.

ජය වර්ණය: දීප්තිමත් රතු පැහැය                   ජය අංකය: 05

 

 

ධනු ලග්නය

නායකත්වයට සුදුසු දිනයක්. ගැටළු විසඳීමේ හැකියාව පවතිනවා. ඔබගේ නිවසේ වාස්තු දෝෂ පිළිසකර කර ගැනීමේ හැකියාව පවතිනවා. මව් සෙනෙහස, පිය සෙනෙහස, දරු සෙනෙහස උතුරන දවසක්. මව්පිය උරුමය ලැබෙනවා.

ජය වර්ණය: ගුරු පැහැය                              ජය අංකය: 04

 

 

මකර ලග්නය

අනවශ්‍ය ගමන් බිමන් නොයන, සිත පාලනයට දක්ෂ අය. දුක දරා ගැනීමේ හැකියාව පවතිනවා. ආදායම් ලැබෙන දිනයක්. ආර්ථිකය යහපත්.

ජය වර්ණය: ලා නිල් පැහැය                             ජය අංකය: 03

 

 

කුම්භ ලග්නය

කටහඬ යොදවා කරන රාජකාරි නිසා ආදායම යහපත් වෙනවා. ජනප්‍රියත්වය වැඩි වේවි. ඔබ දන්නා දේ අන් අයට සරල ලෙස පැහැදිලි කර දීමට හැකි වෙනවා. චිත්ත ශක්තිය ඇති වෙනවා. ඔබගේ සතුරන් සමග කටයුතු කිරීමේදී පරිස්සම් වන්න.

ජය වර්ණය: නිල් පැහැය                                    ජය අංකය: 02

 

 

මීන ලග්නය

ඔබට අද වෙනත් ස්ථාන වල නියෝජිතයෙක් ලෙස සහභාගී වීමට සිදු වෙනවා. ප්‍රිය සම්භාෂණ වලට ඇරයුම් ලැබෙන දවසක්. දුර ගමන් කෙටි ගමන් තුලින් කල්‍යාණ මිතුරන් ඇති වෙනවා. සෞඛ්‍ය යහපත්.

ජය වර්ණය: තද ගුරු පැහැය                              ජය අංකය: 01

 

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : ලක්ෂ්මන් යූ. ලියනගේ

දුරකථන අංකය: 011 50 10 829


News Articles
Latest Videos
Most Popular Post