අද කාලේ Facebook පාවිච්චි කරනවා කියන්නෙත් දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් වෙලා තියෙනවා. මොකද මේ වෙද්දී Facebook හරහා සිද්ධවෙන සමාජ විරෝධී ක්‍රියා වැඩිවෙලා තියෙනවා. ලෝකේ වගේම ලංකාවටත් මේ කාරණය පොදුයි. 2017 අවුරුද්දේ මේ දක්වා කාළය තුල ලංකාවේ Facebook ගිණුම් 3,000 කට ආසන්න සංඛ්‍යාවක් භාවිතයෙන් ඉවත් කරන්න Facebook ආයතනය පියවර අරගෙන තියෙනවා.
ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යාම, ෆේස් බුක් ගිණුම් යොදා ගනිමින් මුදල් වංචා කිරීම ඇතුළු සිද්ධීන් මුල් කරගෙන තමයි මේ Facebook ගිණුම් අත්හිටුවන්න Facebook ආයතනය පියවර අරගෙන තියෙන්නේ.
2017 අවුරුද්දේ Facebook සම්බන්ධ පැමිණිලි 3,400ක් පමණ තම ආයතනයට ලැබී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් Facebook ආයතනයට කරන ලද දැනුම් දීම මත Facebook සමාගම මෙම පියවර ගෙන ඇති බවයි පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදයේ ප‍්‍රධාන තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පවසන්නේ.