ඉන්දියාව එක්ක තිබ්බ T20 තරඟාවලියත් ලංකාව උඩින්ම පැරදුනා. ලංකාවේ ක්‍රීඩකයින්ගේ T20 දක්ෂතානම් සැලකිය යුතු විදියට වර්ධනය වෙලා තිබ්බේ නෑ. තරඟාවලිය අවසානයත් එක්කම ICC ය අලුත්ම T20 ශ්‍රේණිගත කිරීම් නිකුත් කරලා තිබ්බා. හැබැයි ලංකාවේ ක්‍රීඩකයින්ගේ නම් සැලකිය යුතු වෙනස්කම් කරන්න පුළුවන් වෙලා නෑ. ඒ වුනත් තිසර පෙරේරාට නම් පන්දු යවන්නන්ගේ හා තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවල ස්ථාන කිහිපයක් ඉහළට එන්න පුළුවන් වෙලා තියෙනවා.
ICC කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් වල නම් කිසිම වෙනසක් වෙලා නෑ. ඉන්දියාව ප්‍රසාද ලකුණු 119 ක් ලබාගෙන 4 වෙනි තැන ඉන්නවා. ලංකාව ප්‍රසාද ලකුණු 90 ක් ලබාගෙන තාමත් ඉන්නේ 8 වෙනි තැන. ලංකාවට උඩින් ඕස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු 111 ක් ලබාගෙන 7 වෙනි තැන ඉන්නවා.
T20 පිතිකරුවන්ගේ ලැයිස්තුවේ 39 වෙනි තැන හිටිය කුසල් 31 වෙනි තැනට අැවිත් තියෙනවා. කාලෙකට පස්සේ ක්‍රීඩා කරපු කුසල් මේ දක්වපු දක්ෂතා නම් ඉතාම හොඳයි. ඉන්දියානු සංචාරයේදී ලංකාව මෙහෙයවපු තිසර නම් සංචාරය පුරාම අසාර්ථක වුණා. පිතිකරුවන්ගේ ලැයිස්තුවේ 53 වෙනි තැන හිටිය තිසර 58 දක්වා පහළට වැටිලා තියෙනවා. 61 වෙනි තැන හිටිය මැතිව්ස් 65 දක්වා පහත බැහැලා තියෙනවා. ලංකාවේ හිතුවක්කාර පිතිකරු දික්වැල්ල 71 දක්වා ඉහළට අැවිත් තියෙනවා. ඔහු කලින් හිටියේ 74 වෙනි තැන. 89 වෙනි තැන හිටිය දනුෂ්ක ගුණතිලක 98 දක්වා පහළට අැවිත් තියෙනවා.
T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 69 වෙනි තැන හිටි මැතිව්ස් 68 දක්වා එක් ස්ථානයක් ඉහළට අැවිත් තියෙනවා. තිසර පෙරේරා 70 ව දක්වා ස්ථාන දෙකක් ඉහළට අැවිත් තියෙනවා. දුෂ්මන්ත චමීර පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ඉන්නේ 74 වෙනි ස්ථානයේ.
තුන්ඉරියව් ක්‍රීඩකයින්ගේ ශ්‍රේණිගත කිරීම්වල ලංකාවෙන් හිටියේ මැතිව්ස් සහ තිසර විතරයි. 15 වෙනි තැන හිටිය තිසර 14 ට අැවිත් තියෙනවා. 18 වෙනි ස්ථානයේ හිටිය මැතිව්ස්ගේ තැන නම් වෙනස් වෙලා නෑ.