අද 2017 දෙසැම්බර් මාසයේ 27 බදාදා
රාහු කාලය: ප.ව.12.11 සිට 01.38
සුභ දිශාව: උතුර
මරු සිටින දිශාව: නිරිත

කල්පනාකාරීව තීන්දු තීරණ ගන්න. චිත්ත පීඩා මානසික අසහනකාරී තත්ව ඇතිවිය හැකියි. උස් තෙත් සහිත ස්ථාන ආශ්‍රිතව කරන කටයුතු වලින් වඩාත් ප්‍රවේසම් වෙන්න. ලිපිලේඛන ආශ්‍රිත ගණුදෙනු කිරීම් වලදී කල්පනාකාරී වෙන්න. විදේශගත සබඳතා දියුණු වෙනවා. කලාකාමී කටයුතු වලටත් යෝග්‍යයි. උසස් නිලධාරීන් සමඟ ගණුදෙනු දියුණු වෙනවා. රැකිරක්ෂා වෙළදාම් කටයුතු කෙරෙහි උදාසීන තත්වයක් නිර්මාණය වෙනවා.
ජය වර්ණය: ලා දම් පැහැය ජය අංකය: 07

පපුව ආශ්‍රිත රෝග තත්ව සෙම් සහිත පීඩාකාරී තත්ව නිර්මාණය වෙනවා. හවුල් ව්‍යාපාර කටයුතු වලින් බොහෝ දියුණුවක් අපේක්ෂා කල හැකියි. ලිපිලේඛන ආශ්‍රිත ගණුදෙනු කිරීම් වර්ධනය වෙනවා. මානව සම්පත් කිරීම් ආදියටත් යෝග්‍යයි. ප්‍රේම සබඳතා ශක්තිමත් වෙනවා.
ජය වර්ණය: ලා කහ පැහැය ජය අංකය: 03

මානසික වියවුල් ඇතිවිය හැකියි. ගන්න තීන්දු තීරණ නිතර වෙනස් කරන්න උත්සහ කරනවා. දුරබැහැර ගමන් යන්න බොහෝ ආරාධනා ලැබේවි. විදේශගතවීම් වීම් ආදියටත් සුභයි. සියුම් සතුරු කරදර වලින් පුංචි පුංචි පීඩා ඇතිවිය හැකියි. ආහාර ගැනීම් වලදි තනියම කරන ගමන් වලදී කල්පනාකාරී වීම වඩාත් වැදගත්. වියදම තරමක් ඉහල යනවා.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 09

පුංචි පුංචි බාධාකාරී තත්ව කම්කටොලු යටපත් කරගත හැකියි. සිතුවිලි වඩාත් වර්ධනය වෙනවා. විවාහ ප්‍රමාද මග හැරෙනවා. නිතර අදහස් වෙනස් විය හැකියි.
ජය වර්ණය: දීප්තිමත් කොළ පැහැය ජය අංකය: 06

ලිපිලේඛන ආශ්‍රිත කටයුතු වලින් දරුවන්ගේ කටයුතු වලින් දියුණුවක් දැකිය හැකියි. තරඟකාරී කටයුතු වලින් ජයග්‍රහණය අත් වෙනවා. තමන්ගේ පෞරුෂය වර්ධනය කර ගැනීමේ ඉඩකඩ පවතිනවා. චිත්ත පිඩා ඇතිවිය හැකියි. වැඩිහිටියන් සමග විරසකවීම් ඇති වෙන්න පුළුවන්. ආර්ථිකය වර්ධනය කරගන්න සමාජ ගෞරවයට පාත්‍ර වෙන්න වැඩි ඉඩක් පවතිනවා.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 09

හවුල් ව්‍යාපාර කටයුතු පිළිබඳව අලුත් කෝණයකින් විමසා බැලීමේ හැකියාව පවතිනවා. භාෂා කතා කිරීමේ හැකියාව මුල් කරගෙන වාසනාව උදා වෙනවා. ලිපිලේඛන ආශ්‍රිත කටයුතු, මුද්‍රණය සම්බන්ධ කටයුතු වලටත් ඉතාමත්ම යහපත්. සමාජ සේවා කටයුතු වලින් පවා දියුණුවක් අත්පත් වෙනවා. වෙළඳාම් කටයුතු දුරබැහැර ගමන් යාම් වලින් සංචාරක කටයුතු වලින් ඔබට වාසනාවන්ත වෙනවා. තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු යහපත් වෙනවා.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 05

කලාකාමී කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. පරිපාලනමය හැකියාව වර්ධනය වෙනවා. සමාජ සේවා කටයුතු පවා දියුණු කරගැනීමේ ඉඩකඩ වෙන්වෙලා පවතිනවා. අසල්වාසීන් සමග පුංචි පුංචි මත ගැටුම් ඇති වුනත් ඒ තුලින් පවා ඔබ අන් අයගේ ආකර්ෂණය දිනා ගන්නවා. රැකිරක්ෂා වෙළදාම් කටයුතු නිසා නිතර ගමන් බිමන් යෙදෙනවා. කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත ආබධාකාරී තත්ව ඇතිවිය හැකියි.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 07

පෞරුෂය වර්ධනය වෙනවා. ඥාන ශක්තිය දියුණු වෙනවා. අන් අයව විශ්වාස කරලා බොහෝ කටයුතු වලට අතගහනවා. ඒ නිසා බාධාවන් වලට මුහුණ දීමට සිදු වෙනවා. ඔබේ දරාගැනීමේ සිමාව ඉක්මවා ණය ගැනීමේ ඉඩක් පවතින දවසක්. කල්පනාකාරීව තීන්දු තීරණ ගන්න.
ජය වර්ණය: රන්වන් පැහැය ජය අංකය: 08

තීන්දු තීරණ ගන්න විට යාලුවන්ව විශ්වාස කරලා තීන්දු තීරණ ගන්න හොද දිනයක්. ඔබ ළඟම හිටපු කෙනෙක්ගෙන් ඔබට බාධා ඇතිවිය හැකියි. අත්සන් තැබීම මුදල් භාවිතයේදී කල්පනාකාරී වෙන්න. වචන භාවිතා කිරීමේදී ඔබ තුල තියෙන ඉවසිලිවන්ත ස්වභාවය අනවශ්‍ය ආකාරයට අන් අය යොදා ගනීවි. කොන්ද තුනටිය මුත්‍රාශය රෝග ඇතිවිය හැකියි. අධික කාර්යබහුලතාවයක් ඇතිවිය හැකියි.
ජය වර්ණය: ලා කහ පැහැය ජය අංකය: 03

මුල්‍ය පරිපාලන කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. වාණිජ කටයුතු ගිණුම්කරණ කටයුතු මුද්‍රණය සම්බන්ධ කටයුතු වගේම සන්නිවේදන කටයුතු දියුණු කරගත හැකියි. දුරබැහැර ඥාතීන් පවා ඔබේ උපකාර අපේක්ෂා කරනවා. සෙම් සහිත රෝග වලින් පුංචි පුංචි බාධා ඇතිවිය හැකියි. වෘත්තිමය වශයෙන් දියුණුවක් අත්පත් කර ගැනීමේ ඉඩකඩ පවතිනවා. රැකියාව වෙනස් කිරීමට පවා උත්සහ කරන දිනයක්. විවාහ ජීවිතය ආශ්‍රිතව ගැටුම් ඇතිවිය හැකියි. කල්පනාකාරීව ඉවසිලිවන්තව ආරක්ෂාකාරීව ගත කරන්න.
ජය වර්ණය: දීප්තිමත් කොළ පැහැය ජය අංකය: 06

ලිපිලේඛන ආශ්‍රිත කටයුතු, සමාජ සේවා කටයුතු වලට ඉතාමත්ම යහපත්. මිතුරන්ගේ කටයුතු වලට වැඩි වශයෙන් කාලය මිඩංගු කරන්න සිදු වෙනවා. ඔබට අදාල නොවන වගකීම් වලට පවා ඔබට බැඳෙන්න සිදු වෙනවා. වෘත්තිමය වෙනස් කිරීමක් කරන්න ඔබ බලාපොරොත්තු වෙනවා. අධික ලෙස කාර්යබහුල වෙනවා. සමාජ සේවා කටයුතු වලටත් ඉතාමත්ම යහපත් දවසක්. දුරබැහැර ඥාතීන් ඔබව සොයාගෙන පැමිණෙනවා. ඔබ අන් අයට උපකාර කරනවා. උගත් උසස් අයගේ ඇසුර ඔබට හිමි වෙනවා.
ජය වර්ණය: දීප්තිමත් කොළ පැහැය ජය අංකය: 06

සමාජ සේවා කටයුතු වලට ඉතාමත්ම යහපත්. මානව සම්පත් කළමනාකරණය, සන්නිවේදනය ආශ්‍රිත කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. බොහෝ කටයුතු වලින් ජයග්‍රහණ ලැබෙනවා. දුරබැහැර ගමන් යන්න ආරාධනා ලැබෙනවා. සමාජ සේවා කටයුතු වලට ආරාධනා ලැබෙනවා. ආගම සම්බන්ධ කටයුතු වලට යහපත්. අධ්‍යාපනික කටයුතු වලට බාධා පැමිණෙනවා. සතුරු කරදර යටපත් කරගත හැකි වෙනවා.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 07
ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක
දුරකථන අංකය: 076 67 65 353