News Line| Off Air
Generic placeholder image

Dec
27

කෝලිගේ බලවත් ඉල්ලීම මත සුපිරි විවාහයට ගිය ශ්‍රී ලාංකිකයා මෙන්න.

1881 Views


කෝලිගේ බලවත් ඉල්ලීම මත සුපිරි විවාහයට ගිය ශ්‍රී ලාංකිකයා මෙන්න.

විරාත් කෝලි පහුගිය දවස්වල ඉතාලියට ගිහින් සුරූපි නිලි අනුශ්කා ෂර්මාව විවාහ කර ගත්තා. හැබැයි මේ විවාහ උත්සවයට සහභාගී කර ගත්තේ පවුලේ අය විතරයි. කාටවත් යාලුවොන්ට පාටියක් නොදී විවාහ වෙලා ඉන්න බෑනේ. පාටිය දෙනකන් යාලුවොන්ගෙන් නම් ගැලවීමක් ලැබෙන්නෙම නෑ. එ් නිසා කෝලියි අනුශ්කයි යාලුවොන්ට පාටියක් දුන්නා.

මේ පාටියට ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින්, බොලිවුඩ් නළු නිළියන් වගේම ප්‍රසිද්ධ තරු රැසක් අැවිත් හිටියා. එ් අතරේ ලංකාවේ සුවිශේෂි චරිතයකුත් හිටියා. එ් කවුද කියලා දැන ගත්තොත් ඔබට පුදුම හිතේවි. ගයාන් සේනානායක. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දිරිගන්වන්නා. ගායාන්ටත් විරාත් කෝලි මේ සාදයට අාරාධනා කරලා තිබ්බා. තමන්ගේ ප්‍රතිවාදි පිලේ දිරි ගන්වන්නාට විවාහ උත්සවයේ සාදයට අාරාධනා කරන්න තරම් කෝලිගේ අැතුලේ කොච්චර හොද මනුස්සයෙක් ඉන්නවද. එ් නිසා තමයි ලංකාවේ අයත් කෝලිට අාදරය කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post