News Line| Off Air
Generic placeholder image

Dec
27

2017 වසර ලංකාවට අවාසනාවන්ත වුනේ ග්‍රහ බලපෑමක් නිසාද? ක්‍රීඩකයින්ගේ දුර්වලකම නිසාද? විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න.

793 Views


2017 වසර ලංකාවට අවාසනාවන්ත වුනේ ග්‍රහ බලපෑමක් නිසාද? ක්‍රීඩකයින්ගේ දුර්වලකම නිසාද? විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න.

ගෙවීයන 2017 අවුරුද්ද ශ්‍රී ලංකා ක්‍රිකට්වල අසාර්ථකම අවුරුද්ද කිව්වට වරදක් නෑ. මොකද අවුරුද්ද අාරම්භයේ පටන්ම වුනේ ක්‍රිකට්වල කඩා වැටීම විතරයි. 2017 දී ශ්‍රී ලංකා ක්‍රිකට් කොච්චර අසාර්ථක වුනාද කියනවා නම් ලංකාවට දිනන්න පුළුවන් වුනේ ටෙස්ට් තරඟාවලියක් සහ විස්සයි විස්ස තරඟාවලි 2 ක් විතරයි. එකම එක්දින තරඟාවලියක්වත් දිනා ගන්න ලෝක කුසලාන 2 ක් දිනපු ලංකාවට බැරිවුණා. හැබැයි මදි නොකියන්න තරඟ පැරදුනා.

පිටිය අැතුලදී වගේම පිටියෙන් එළියෙදීත් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට හොඳ කලදසාවක් නම් ලැබුවේ නෑ. අවුරුද්දක් අැතුලතදී ක්‍රීඩකයින් 50 කට වඩා ලංකා කණ්ඩායම නියෝජනය කරා. හැබැයි ඉතිං එ් අතරින් බහුතරයක්ම අාබාධවලට ලක් වුණා. එ් වගේම කණ්ඩායමේ නායකත්වයත් නිතර නිතරම වෙනස් වුණා. ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය තුන්පාරක්, එක්දින කණ්ඩායමේ නායකත්වය පස් සැරයක් සහ විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය හතර සැරයක් වෙනස් වුණා.

අවුරුද්ද පටන් ගනිද්දිම ජනවාරිවල ලංකාව, දකුණු අප්‍රිකාවේ සංචාරයක ගියා. ලංකාවේ පරාජයන් රැල්ල පටන් ගත්තේ එතනින්. එ්හිදී සහභාගී වුන ටෙස්ට් තරඟාවලිය 3 – 0 ක් විදියට පරාජය වුණා. එක්දින තරඟාවලියත් 5 – 0 ක් විදියට පැරදුණා. හැබැයි විස්සයි විස්ස තරඟය නම් 2 – 1 විදියට දිනන්න පුළුවන් වුණා.

දකුණු අප්‍රිකාවට T20 තරඟාවලියේදී ගහපු ගැම්මෙන්ම ඕස්ට්‍රේලියාවටත් ගිහින් ගැහුවා. ඕස්ට්‍රේලියාවට එරෙහිව T20 තරඟාවලියත් 2 – 1 ක් විදියට දිනන්න එ් නිසා පුළුවන් වුණා. පිට පිටම අර්ධ ශතක 2 ක ලබා ගත්ත අසේල ඕස්ට්‍රේලියානු සංචාරය ගොඩදාලා දුන්නා. තරඟාවලියේ වීරයා සම්මානය දිනා ගත්තෙත් ඹහු.

ඊට පස්ස්‍ේ බංගලාදේශය සංචාරයක් සඳහා ලංකාවට එනවා. ටෙස්ට්, එක්දින සහ T20 තරඟාවලි 3 ම ජය පරාජයෙන් තොරව නිමා කර ගන්න බංගලාදේශයට පුළුවන් වුණා පළවෙනි ටෙස්ට් තරඟයේදී මංගල ද්විත්ව ශතකය ලබා ගන්න අාසන්නයේ හිටිය කුසල් ජනිත් ලකුණු 194 ට දැවී ගියා.

ICC ශූරයන්ගේ කුසලානය ජුනි මාසයේදී පැවැත්වුණා. තරඟාවලියේ පළවෙනි වටයෙන්ම අාපහු ගෙදර එන්න ශ්‍රී ලංකා කණ්ඩායමට සිද්ධවුණා. මුලික වටයේදී දකුණු අප්‍රිකාවට සහ පාකිස්තානයට පැරදුන ලංකාව ඉන්දියාවට එරෙහිව තරඟය ජයග්‍රහණය කරා.

ඊට පස්සේ ලංකාවට අාව කණ්ඩායම ක්‍රිකට් ඉතිහාසයේ ලැජ්ජා සහගතම පරාජයට මුහුණ දුන්නා. එ් සිම්බාබ්වේ කණ්ඩායම අතින්. සිම්බාබ්වේ කණ්ඩායම ලංකාවේදීම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 3 – 2 විදියට පරාජය කරා. එ්ත් එක්කම අැන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉල්ලා අස්වුණා. යාන්තම් හේරත්ට පිං සිද්ධ වෙන්න ටෙස්ට් තරඟය කඩුලු 4 කින් ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය වැඩිම කලු පැල්ලම් එක් කරපු තරඟාවලිය ඊට පස්සේ පටන් ගන්නවා. එ් ඉන්දියාවේ, ශ්‍රී ලංකා සංචාරය. ඉන්දියාව ටෙස්ට් තරඟාවලිය 3 – 0 ක්, එක්දින තරඟාවලිය 5 – 0 ක් සහ T20 තරඟාවලිය 1 – 0විදියට ජයග්‍රහණය කරා. එ් වගේම ඉතිහාසයේ පළවෙනි වතාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ගල් ගැහුවා. ක්‍රීඩකයින් ගමන් කරපු බස්රථය වට කරලා හූ කිව්වා. අාගමක් විදියට ක්‍රිකට් අදහපු ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් එ් තත්වයට වැටුනේ දිගින් දිගටම ලංකාවට අත්වුණ පාරාජයන් ඉවසා ගන්න බැරුව. එ් තරඟාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නායකයන් 4 දෙනෙක් කණ්ඩායම මෙහෙහවුවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායකයා වුන තරංගට අඩු පන්දුවාර වේගය නිසා තරඟ 2 තමනමක් දැම්මා. එ් නිසා කපුගෙදරට නායකත්වය හිමිවුණා. එ්ත් කාසියේ වාසියේදී වැරදි තීරණයක් ගත්ත නිසා ඊට පස්සේ තරඟයට නායකත්වය දුන්නේ මාලිංග.

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය චන්දිමාල්ට හිමිවුණා. ඉන්දු – ශ්‍රී ලංකා ටෙස්ට් තරඟාවලියේදී ඔහු අසාර්ථක වුනා. එ්ත් ඊට පස්සේ තිබ්බ හැම ටෙස්ට් තරඟාවලියකින්ම නායකයෙක් වගේම පිතිකරුවෙක් විදියටත් සාර්ථක වෙන්න චන්දිට පුළුවන් වුණා. ගෙවී යන අවුරුද්දේ ලංකාව දිනපු එකම ටෙස්ට් තරඟාවලිය දිනා ගත්තේ චන්දිගේ නායකත්වය යටතේ.

හැබැයි එක්දින තරඟාවලිය 5 – 0 ක් විදියටත් 3 – 0 ක් විදියටත් ශ්‍රී ලංකාව පරාජවුණා. එ් වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දරුණු බෙදීමක් පාකිස්තාන සංචාරයේදී අැති වුණා. ලෝක ක්‍රිකට් ඉතිහාසයේ දරුණුම කළු පැල්ලම එක් කල ලාහෝර් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී තමයි T20 තරඟාවලිය පවත්වන්න නියමිත වෙලා තිබ්බේ. හැබැයි ලංකාවේ ක්‍රිකඩකයින් බහුතරයක් ලාහෝර් යන්න කැමති වුනේ නෑ. එ් නිසා තිසර පෙරේරාගේ නායකත්වයෙන් ලාහෝර් යන්න කැමති ක්‍රීඩකයින් විතරක් T20 සංචාරයට ගියා.

අවසන් වුණ ඉන්දියා සංචාරයට ලංකාව යන්නේ ඊට පස්සේ. ලංකාවේදී ඉන්දියාවෙන් කෑවා වගේම කෑමක් ඉන්දියාවට ගිහිනුත් ලංකාව කනවා. සුපුරුදු විදියට ටෙස්ට් තරඟාවලියේදී ලංකාවේ නම්බුව බේරා ගන්න චන්දිමාල්ට පුළුවන් වුණා. එ් ටෙස්ට් තරඟාවලිය 1 – 0 ක් විදියට අවසන් කරගෙන. තරංග දිගටම අසාර්ථක වුණ නිසා ඔහුගෙන් නායකත්වය ඉවත් කරන්න ක්‍රිකට් බලධාරීන් ක්‍රියා කරා. පළවෙනි එක්දින තරඟයේදී ඉන්දියාවට අමතක නොවන පාඩමක් ලංකාව ඉගැන්නුවා. හැබැයි ඉතිරි තරඟ සියල්ලගෙන්ම එ් පලිය ගන්න ඉන්දියාව සමත් වුණා. T20 තරඟාවලියේදී ලංකාවට මදි නොකියන්න පහර දුන්නා.

අවුරුද්ද පටන් ගනිද්දීම ප්‍රධාන පුහුණුකරු විදියට කටයුතු කල ග්‍රැහැම් ෆෝඩ් ඉල්ලා අස්වුණා. එ් නිසා පන්දු රැකීමේ පුහුණුකරු විදියට කටයුතු කරපු නික් පෝතාස් තාවකාලිකව ප්‍රධාන පුහුණුකරු විදියට පත් කෙරුවා. එ්ත් ඔහුගෙන් සාර්ථකත්වයක් ලබා ගන්න බැරි වුණා. එ් නිසා රහසිගත සැලැස්මකින් පස්සේ බංගලාදේශයේ පුහුණකරු විදියට හිටිය හතුරුසිංහව ලංකාවට ගන්තා. තිලාන් සමරවීර ලංකාවේ පිතිකරණ පුහුණුකරු විදියට පත්කරා. 96 ලෝක කුසලාන කණ්ඩායමේ සාමාජිකයෙක් වුන අසංගක ගුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරු විදියට පත්කරා. ගෙවී යන වසරේ වුන තවත් විශේෂ සිදුවීමක් තමයි සනත් ජයසූරියගේ ප්‍රධානත්වයෙන් යුතු තේරීම් කමිටුව ඉල්ලා අස්වුනා. එ් නිසා ග්‍රැහැම් ලැබ්රෝයිගේ ප්‍රධානත්වයෙන් අලුත් තේරීම් කමිටුවක් පත්කරා.


News Articles
Latest Videos
Most Popular Post